මහරගම පොලීසිය බාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මහරගම පොලීසියට අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් පැහැරහැරීමේ චෝදනාව හේතුවෙන් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය මෙම නියෝග කර ඇත.
දැනට අධිකරණයේ විභාග වන නඩු වලට අදාළ විත්තිකරුවන්ගේ සාක්ෂි අධිකරණය වෙත ලබාදෙන ලෙස නියෝග කර තිබුණ ද එම නියෝගය නොසලකා හරිමින් මහරගම පොලීසිය කටයුතු කර ඇති බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබේ.
මේ අනුව අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සැප්තැම්බර් විසි නව වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරිය නියෝග කර ඇත.
Post a Comment