තමිල්නාඩු ධීවරයින් ගැන අභියාචනය ඉන්දීය ශ්‍රේඨාධිකරණයෙන් ඉවතට

තමිල්නාඩු ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දීය ලෝක් සභාවේ නියෝජ්‍ය කථානායකවරයා ඉදිරිපත් කළ අභියාචනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරු වල රඳවා සිටින තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීම සඳහා මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.


අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ආර්.එම් ලෝධා මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි ගැටලු පාර්ලිමේන්තුව තුළ විසඳා ගත යුතු බවයි.


මෙවැනි රාජ්‍ය ත්‍රාන්ත්‍රික කරුණු කෙරෙහි අධිකරණයට මැදිහත් විය නොහැකි බවද අභියාචනය ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය අගවිනිසුරු ආර්.එම් ලෝධා මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.


අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කටයුතු කිරීමේ සීමාවක් ඇති අතර අධිකරණයට රාජ්‍ය තාන්ත්‍රික කරුණු සම්බන්ධයෙන් මැදිහත්විය නොහැකි බව ද අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.


එහිදී ඉන්දීය නීතිපති මොකුල් රොහාඩ්ජි ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම රජය මැදිහත් කර ගෙන මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවයි.


විදේශ අමාත්‍ය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන ලෙස නීතිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇති බව ද සඳහන් වෙයි.


පෙත්සම් කරු සිට අභියාචනයෙන් පෙන්වා දී ඇත්තේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව හමුවේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින බවයි.


ඊට මැදිහත්විම සඳහා ඉන්දීය රජයට ද මෙහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පවතින බව අදාළ අභියාචනයෙන් පෙන්වා දී ඇති බව සඳහන් වෙයි.



Post a Comment