මහ පරිමාණයෙන් මීගවයින් සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් 06 දෙනෙකු මහඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහඔය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මාදුරුඔය, එම්.ඩී.කේ වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ සිටි මී ගවයින් 38 දෙනෙකු පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment