තුසිත චාමර නොහොත් නිලාන් අත්අඩංගුවේ

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරින්ගේ ග්‍රහණයෙන් මිදි පළාගිය දේවගේ තුසිත චාමර නොහොත් නිලාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ නමක් භාවිත කරමින් රටින් පිටව යාමට උත්සහ ගැනිමේ දි සැකකරු අද(25) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේය.


හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක ප්‍රමාණයක් ළඟ තබාගැනිමේ චෝදනා මත තලංගම ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 20 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


අනතුරුව ඔහු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි පසුගිය 29 වැනි දින පළාගොස් තිබුණි.


අද දිනයේ සැකකරු යළි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දි දිසානායක ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන ව්‍යාජ නමකින් විදෙස් ගත වීමට උත් සහ කළ බව වාර්තා වෙයි.



Post a Comment