ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
කච්චතිව් දූපත ඉන්දියාවට ලබාගත යුතු බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සහ ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි ඉදිරිපත් කළ පෙත්සම්වලට අදාළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ ඇටර්නි ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඉන්දීය ඇටර්නි ජනරල් මුකුල් රෝහත්ජි ප්‍රකාශ කර ඇත්තේ 1974 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්විපාර්ශවික එකඟතාවකට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි.
මේ හේතුවෙන් එය යළි ඉන්දියාවට ලබාගැනීම අසීරු කටයුත්තක් බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඇටර්නි ජනරල්වරයාගේ කරුණු සලකා බැලූ ඉන්දීය අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුවන්නේ යුද්ධ ඇති කිරීම නොව සාමය සඳහා කටයුතු කිරීම බවයි.
Post a Comment