වාරියපොළ තිළිණි පොලීසියේ -

වාරියපොළ බස්නැවතුමේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තිළිණි අමල්කා තරුණියට වාරියපොළ පොලීසියට ගොස් අද (27) ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ගල්කිස්ස පොලීසියෙන් දැනුම්දී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන එම තරුණියට ගල්කිස්ස පොලීසියෙන් මේ බව ඊයේ දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය.


එසේම එම තරුණිය වාරියපොළ බස්නැවතුමේදී වූ සිද්ධිය ගැන පොලිස්පති සහන මැදිරියට ද ඊයේ පැමිණිල්ලක් කර ඇත.


මේ අතර ප්‍රහාරයට ලක්වූ දාසන් චන්ද්‍රකුමාර් හෙවත් 'සෙල්වා' තමාගේ වම් කනේ ආබාධයක් ඇතැයි පවසමින් ඊයේ වාරියපොළ රෝහලට ඇතුළත්ව ඇති අතර අනතුරුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි ද පැවසේ.



Post a Comment