එල්.ටී.ටී.ඊයේ ඉල්ලීම් සාධාරණ වෙන්න පුළුවන්

ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ ඇමතිවරයා ජනපති හා එක්ව ගෝල්ෆේස් පිටියේ සරුංගල් ඇරිය පමණින් ජාතික ඒකාබද්ධතාවයක් ඇති නොවන බැවින් ජාතික ඒකාබද්ධතාවය නැමැති සරුංගලය තමන් අතට ගන්නා බව බොදුබල සේනා සංවිධානය කියයි.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල‍ෙබාඩඅත්තේ ඥානසාර හිමියන් අද (26) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙරට දේශපාලනඥයින් කිහිප දෙනෙකු දෙමළ ජනතාවගේ දුක, වේදනාව පාවිච්චි කරන්නේ බලයට ඒමට මිස එම ජනතාවට සේවය කිරීමට නොවන බවයි.


ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ ඇමතිවරයා සරුංගල් යැවීමට වැය කරන මුදල් අපරාදේ බවත්, ඒවා එන්.ජී.ඕ. වැඩසටහන් බවත්, උන්වහන්සේ එහිදී කියා සිටියේය.


එසේම එල්.ටී.ටී.ඊයේ ඉල්ලීම් සාධාරණ විය හැකි නමුත් ඔවුන් ඒ සඳහා මිනිස් සංහාරය කරමින් යොදාගත් ක්‍රමවේද වැරදි බවද ඥානසාර හිමියන් පෙන්වාදුන්නේය.


1983 සිට 2009 දක්වා යුදමය වටපිටාව තුළ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව බැට කෑ බවත්, පැවසූ උන්වහන්සේ පරිපාලනමය වශයෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදී මිනිසුන්ගේ හිත් දිනා ගැනීමේ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවත් කියා සිටියේය.


ආණ්ඩුවට බැරිවුණ ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීම වෙනුවෙන් බොදුබලසේනා සංවිධානය කටයුතු කරන බවද උන්වහන්සේ සඳහන් කළේය.



Post a Comment