සෙසු මුදල් ජාතික හෙළ උරුමයෙන් හා මිතුරන් විසින් ලබාදී තිබුණු බව මාධ්‍ය ඒකකය පෙන්වාදෙයි.
බස්නාහිර පළාත් මැතිවරණය පැවති සමයේ තම මැතිවරණ ව්‍යාපාරයට අවම වශයෙන් රු.100 ක මුදලක් පරිත්‍යාග කරන ලෙසත්, ඊට අදාළ අයවැය වාර්තාව මැතිවරණය පවත්වා කෙටි කලක් ඇතුළත ප්‍රසිද්ධියට පත්කරන බවත් ගම්මන්පිල මහතා පවසා තිබිණි.
2014 මාර්තු 29 වන දින මැතිවරණය පවත්වා මාස 5ට ආසන්න කාලයක් ගෙවී ගියද තරමක් පමාවී හෝ අදාළ අයවැය වාර්තා අද (26) ප්‍රසිද්ධියට පත්කිරීමට ඔහු විසින් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් පෝස්ටර්,නීති විරෝධී ප්‍රචාරක පුවරු භාවිතා නොකොට දන්සැල් නොදුන් තෑගි නොබෙදූ මෙන්ම සීමිත මාධ්‍ය ප්‍රචාරණයක් සිදුකළ අයෙකු ලෙස මේ තරම් මුදලක් වැය විණි නම් එවැනි දේ කළ අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම අනුමාන කිරීම දුෂ්කර නැතැයිද ගම්මන්පිල මහතා කියා සිටියි.
මැතිවරණයට මුදල් සම්පාදනය කරගත් ආකාරය මෙන්ම ඒවා වියදම් කළ ආකාරයද විස්තරාත්මකව දැක්වෙන වාර්තාවක් අපේක්ෂකයෙකු විසින් ඉදිරිපත් කරන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත්, මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන ඌව පළාත් සභා අපේක්ෂකයින්ටද සිය මැතිවරණ අයවැය ප්‍රසිධ කිරීමට ප්‍රතිඥා දෙන මෙන් ගම්මන්පිල මහතා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
විවේචන ඉදිරිපත් කිරීමට වඩා විකල්ප ඉදිරිපත් කිරීම දුෂ්කර බවත්, සමාජය වෙනස් කළ හැක්කේ විවේචන වලින් නොව ආදර්ශ වලින් බවත් ඔහු සඳහන් කරයි.
අපේක්ෂකයින් සපයා ගත් ආකාරය සහ වියදම් කළ ආකාරය දැක්වෙන විස්තරාත්මක අය වැය ප්‍රසිද්ධ කිරීම මෙන්ම මැතිවරණ වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීමද සිදුවිය යුතු බව යෝජනා කළ ගම්මන්පිල මහතා ඉන්දියාව සහ අ.එක්සත් ජනපදය වැනි රටවල මෙම මැතිවරණ නීතී පවතින බව ද වැඩිදුරටත් කියා සිටියේය.
සම්පූර්ණ අය වැය වාර්තා සඳහා පිවිසෙන්නhttp://ift.tt/1tPNhgx

Post a Comment