ඉරාකයේ ඉසිස් ක්‍රියාකාරකම් හෙළාදකිනවා - කතෝලික රදගුරු සමුළුව

ඉරාකයේ ක්‍රිස්තියානි සුළුතරයට එරෙහිව ඉසිස් සංවිධානය සිදුකරනු ලබන ප්‍රහාර තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි.

ඉරාකය තුළ වෙසෙන සුළුතර ආගමික කණ්ඩායම් අතරින් වැඩි වශයෙන් කිතුණුවන් වද හිංසාවට සහ පිඩාවට ලක්වන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වාදෙයි.


නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙන්නේ ඉසිස් සංවිධානයේ ක්‍රියාකාරම් හේතුවෙන් පෞරාණික නිනිවේ නගරය වන මොසුල් ප්‍රදේශයේ සමුහ ඝාතන සහ වධ හිංසාවට ලක්වීම් වැඩි වශයෙන් වාර්තා වන බවයි.


මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි ජීවත් වන කිතුණුවන් නැගෙනහිර ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ අවතැන්ව සිටින බව ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වාදෙයි.



Post a Comment