බඩු නැවෙන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් පටවලා

ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු ඉන්දියාවේ, සුරාඩිපිලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු චෙන්නායි හි පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා ඔන්ගෝල්හි පදිංචිකරුවෙකි.


මෙම ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඔස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යැවීම සඳහා සැලසුම් කර තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


ඉන්දියාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවකින් ඔස්ට්‍රේලියාවට පිටත් කර හරින බවට ජාවාරම්කරුවන් විසින් අදාළ පුද්ගලයින්ගෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන ඇත.


ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා සූදානමින් සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනා ගුවන් මගින් නීත්‍යානූකූලව ඉන්දියාවට පැමිණ ඇති අතර සතියක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිට ඇති බව වාර්තා වේ.



Post a Comment