මැතිවරණ කොමසාරිස්වරයා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හෙට සහ අනිද්දා යන දිනවල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.
දේශපාලන පක්ෂවල නියෝජිතයින් තනි තනිවම හමුවී සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ පක්ෂවලට පසුගියදා දැනුම් දී තිබුණි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය 19 වන දින මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා පවත්වනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙට සහ අනිද්දා යන දිනවල මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල මතයන් සහ ඔවුන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Post a Comment