නගරාධිපති ලිඛිතව දැනුම් දෙයි - රෝහලේ වැඩ කටයුතු යථා‍ තත්ත්වයට

ගාල්ල, කරාපිටිය රෝහ‍ලේ වැඩකටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතා විසින් කසළ ඉවත් කර ගන්නා බවට ලිඛිතව දැනම්දීම හේතුවෙන් රෝහලේ වැඩ කටයුතු යථා තත්ත්වයට පත්කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් ‍කළේය.


කෙසේ වෙතත් රෝහල් පරීශ්‍රවය තුළ පවතින සායනික අපද්‍රව්‍ය හැර අනෙකුත් අපද්‍රව්‍ය පමණක් ඉවත් කර ගන්නා බවට අදාළ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.



Post a Comment