නීති විරෝධී ගිනි අවි රැගත් ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණෙන මෙම ආණ්ඩුවේ මැරයින් විශාල භීතියක් ඇතිකර ජනතාව බියවද්දා මැතිවරණයට බාධා කරන බව හෙතෙම කියා සිටියේ අද(26)බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
ඌව පළාත් සභා මැතිවරණය ආරම්භයේ සිටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය යොදා ගනිමින් ආණ්ඩුව නීති විරෝධී මැතිවරණ කි‍්‍රයාවලියක ඉන්නවා. එත් සමග ආණ්ඩුව නීති විරෝධී ආකාරයෙන් ප‍්‍රචාරක කටයුතුවලට මගී ප‍්‍රවාහන බස්රථ පවා යොදා ගන්නවා. ඒ ආකාරයෙන් නීති කඩපු ආණ්ඩුව තවත් පියවරක් ඉදිරියට තබමින් විපක්ෂයේ පක්ෂවල සාමාජිකයින්ට පහරදීමට කාර්යාල කඩා දැමීමට වේදිකා ගිනි තැබීමට නීති විරෝධී ගිනිඅවි පාවිච්චි කරමින් වෙඩි කෑමට පටන්ගෙන තිබෙනවා. මොනරාගලට මෙම තත්ත්වය බරපතළ ලෙස වර්ධනය වෙලා තිබෙනවා. ආණ්ඩුවේ බලය යොදාගනිමින් නීති විරෝධී ආයුධ සන්නද්ධ පිරිස් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ මොනරාගල භීෂණයක් ඇති කර තිබෙනවා. පසුගිය 24 දින රාති‍්‍රයේ මෙම මැරපිරිස් විසින් විරුද්ධ පක්ෂ කාර්යාල විශාල ප‍්‍රමාණයකට ගිනි තැබුවා. ඒ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කාර්යාල 14ක් තිබුණා.
මෙම බලහත්කාරී බියවැද්දීම්වල බරපතළම සිද්ධිය වාර්තා වුණේ 25දා රාති‍්‍රයේ. 26දින අප පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා සහභාගී වන රැස්වීමක් බඩල්කුඹුරේදී පැවැත්වීමට සූදානම්කර තිබුණා. එය නීත්‍යානුකූල අවසර ගත්ත රැස්වීමක්. එම රැස්වීම සඳහා වේදිකාව ඉදිකරමින් සිටි අපේ පක්ෂයේ පිරිසකට එජනිසයට අයත් මැරපිරිසක් විසින් පහරදීලා වෙඩිතබලා සැරසිලි කඩා බිඳදමා වේදිකාවට ගිනි තැබුවා. ශබ්ද විකාශන යන්ත‍්‍රවලට යතුරු පැදිවලට පහර දුන්නා. ඇතැම් ශබ්ද විකාශන යන්ත‍්‍ර මැරයින් විසින් පැහැරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි එදින රාති‍්‍රය පුරා එම ප‍්‍රදේශයේ සැරිසරමින් විශාල භීෂණයක් ඇති කළා. අපේ සහෝදරවරුන්ට පොලීසියේ පැමිණිල්ලක් කිරීමට හෝ ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. මේ පිරිස් පාලනය කිරීමට පොලීසියට හැකියාවක් නැහැ. පොලිසියත් පළවා හරිමින් තමයි ඔවුන් මෙම කි‍්‍රයාවලියේ නිරත වෙන්නේ.
එදින රාත‍්‍රියේම මොනරාගල ප‍්‍රදේශයේ අපගේ නීත්‍යානුකූල මැතිවරණ කාර්යාල 03කට වෙඩිතබා විනාශ කළා. ඒ අතර, එස්.එම්.සේනාධීර, අංක 08 ඉදිරිපිට, හුලංදාව-වම, මොනරාගල ස්ථානයේ පිහිටි කාර්යාලය, පී.පී.ජී.විජේසිරි, ප‍්‍රගති මාවත, සිංහපුර, මදුරුකැටිය, කුඹුක්කන මැතිවරණ කාර්යාලය, එම්.කේ.සෝමරත්න, කුමාරපුර පළමු මාවත, ඩිපෝවපාර, මොනරාගල ස්ථානයේ පිහිටි කාර්යාලය, යන කාර්යාල තුනට වෙඩිතබා විනාශකොට තිබෙනවා. එම ස්ථානවල හිස් පතරොම් කොපු පවා සොයාගෙන තිබෙනවා. ඊ.අයි.බී./201/54 යන අංකය යටතේ පැමිණිල්ලක් කර තිබුණත් මේ වනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
අපේක්ෂකයෙක් වන විජේසිරි සහෝදරයාගේ නිවසට පැමිණි මැර පිරිස් විනාඩි 45ක් පමණ රැඳී සිටිමින්, බිත්තිවලට වෙඩිතබා බියවැද්දීම් කොට තිබෙනවා. එම ස්ථානයට පැමිණි පොලිසිය පළවාහැර තිබෙනවා. නිවසේ දේපළවලට හානි සිදුකර තිබෙනවා. එම්.කේ.සෝමරත්න සහෝදරයාගේ නිවසටද මේ ආකාරයට අලාභහානි සිදුකර තිබෙනවා. මෙවැනි වටපිටාවක් තුළ මොනරාගල දිස්ති‍්‍රක්කයේ විපක්ෂයේ පක්ෂවලට මැතිවරණ කටයුතුවල නිරත වීමට නොහැකිවී තිබෙනවා. නීති විරෝධී ගිනි අවි රැගත් ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණෙන මෙම ආණ්ඩුවේ මැරයින් විශාල භීතියක් ඇතිකර ජනතාව බියවද්දා මැතිවරණයට බාධා කිරීමේ සැලසුම් සහගත කි‍්‍රයාවලියක් ගෙනයනවා.
මොවුන් මොනරාගලට පිටින් පැමිණි මැරයින් පිරිසක්. මේ ආකාරයෙන් ප‍්‍රභූ ආරක්ෂක අංශ භාවිතා කරන වාහන, ගිනිඅවි පාවිච්චි කරමින් මැතිවරණ නීති නොතකා කටයුතු කරනවා. පොලිස් නිලධාරීන්ට මැතිවරණ නිලධාරීන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිකර තිබෙනවා. ආණ්ඩුව මෙම මැතිවරණය පුරාම දිස්ති‍්‍රක්ක දෙකේම මැතිවරණ නීති උල්ලංඝණය කළා. නාමයෝජනා භාරදුන් 06වෙනිදා මැතිවරණ කොමසාරිස්ගේ පොලිස්පතිතුමාගේ නියෝග නොතකා පෙළපාළි පැවැත්වුවා. අනුර විදානගමගේ මැතිවරණ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළා. මේ තත්ත්වය මොනරාගලට බරපතළ වී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව ආණ්ඩුවේ මහඇමැති අපේක්ෂකයා ඉන්නේ මොනරාගල. ඔහු මහින්ද රාජපක්ෂගේ අයියගෙ පුතා. ඔහු ජනාධිපති බලතල, ආණ්ඩුවේ බලතල සියල්ල පාවිච්චි කර ගනිමින් ඉන්නවා.
මොනරාගල දිස්ති‍්‍රක්කයේ ආණ්ඩුවේ නීති විරෝධී කාර්යාල විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. කිරිඉබ්බන්ආර, තණමල්විල ප‍්‍රදේශවල විශාල ලෙස නීති විරෝධී මැතිවරණ කාර්යාල ඉදිකොට තිබෙනවා. නීති කඩමින් මගී ප‍්‍රවාහන බස්රථවල ස්ටිකර් ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. මැතිවරණ නීතියට අනුව එක් අපේක්ෂකයෙකුට භාවිතා කළ හැක්කේ එක් වාහනයක් වුවත්, ආණ්ඩුවේ අපේක්ෂකයින් විශාල වාහන ප‍්‍රමාණයක් පාවිච්චි කරනවා. මහඇමැති අපේක්ෂකයාත් බලතල තිබෙන කීපදෙනෙකුත් මේ ආකාරයට නීති කඩමින් ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙනවා.
ඊට අමතරව රාජ්‍ය සේවකයින් රාජ්‍ය දේපළ ආණ්ඩුව විසින් මැතිවරණයට යොදා ගනිමින් තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට මෑතකදී බඳවාගත් උපාධිධාරීන් සියලූ දෙනා ලබන මස 03 සහ 04 ඌව පළාතට කැඳවා තිබෙනවා. ආර්ථික සංගණනයකට කියා මොවුන් කැඳවා තිබුනත් ආණ්ඩුවේ ප‍්‍රධාන අරමුණ මොවුන් මැතිවරණයට යොදා ගැනීමයි. ඊට අමතරව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් 50 බැගින් ලබන මස 07, 08, 09 දිනවල ඌවට කැඳවා තිබෙනවා. මේ ආණ්ඩුව මේ විදිහටම පහුගිය පළාත් සභා මැතිවරණවලදීද රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය දේපළ යොදාගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කළා. මේ වන විටත් ඌව පළාතේ ප‍්‍රදේශ පුරා රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුවේ ආයතනවල වාහනවලින් සැරිසරමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙනවා.
තෙල් සංස්ථාවේ ටීෂර්ට් පැළඳි සේවකයින් පිරිසකුත් තෙල් සංස්ථාවේ වාහනවලින්ම ආණ්ඩුවේ මැතිවරණ කි‍්‍රයාවලියේ නිරතවෙලා ඉන්නවා අපි දැක තිබෙනවා. ඌව පළාත් සභා මැතිවරණය ආණ්ඩවට ඉතාමත් අවාසිදායකයි. ආණ්ඩුව ඌව පළාත් සභා මැතිවරණයට එන්නේම ජයග‍්‍රාහී මානසිකත්වයකින් නොවේ. පසුගිය මැතිවරණයේදී ලක්ෂ දෙකහමාරක ඡන්ද ප‍්‍රමාණයකුත්, මන්තී‍්‍ර ධුර 17කුත් ආණ්ඩුවට අහිමි වුණා. ඒ නිසාම ආණ්ඩුව ඌව මැතිවරණය හුදකලා කළේ විශාල ජයග‍්‍රහණයක් ලබාගැනීමේ අරමුණින්. ආණ්ඩුව කල්පනා කරමින් ඉන්නවා ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න. ඒ නිසා මෙම ඌව මැතිවරණය ආණ්ඩුවට ඉතා වැදගත්. ඒනිසාම ඌව මැතිවරණය දිනාගැනීමට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් භීෂණයක් ඇතිකරමින් තිබෙනවා. ආණ්ඩුව පළමුව මන්තී‍්‍ර සංයුතිය වෙනස් කරමින් බදුල්ලේ ආසන තුනක් මොනරාගලට දාගත්තා. ආණ්ඩුවට බදුල්ල දිස්ති‍්‍රක්කය පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා, මොනරාගල ඡන්ද කොල්ලයකින් හෝ ආසන වැඩිකරගෙන පළාත් සභා පිහිටුවීමේ අරමුණක ඉන්නවා. මෙම මැතිවරණ නීති උල්ලංඝණය කරන පෙරමුණේ ඉන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. බඩු බෙදලා නීති කඩලා, භීෂණය මවලා, ඡන්ද කොල්ල කන්න හදනවා.
මේ සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලි කරනවා. මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරනවා. අප පක්ෂයට කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. එමෙන්ම ආණ්ඩුවේ මෙම බලපෑම් හමුවේ මැතිවරණ නීතියට අනුව ප‍්‍රචාරක කටයුතු උපරිම ආකාරයෙන් සිදුකිරීමට උත්සාහ කරනවා. පොලිස් නිලධාරීන් ඒ සඳහා අපට ආරක්ෂාව ලබාදිය යුතුයි. මැර කණ්ඩායම් නිරායුධ කිරීමට පොලිසිය කටයුතු කළ යුතුයි. හැම දේශපාලන පක්ෂයකටම සාධාරණ අවස්ථාවක් ලබාදීම පොලිසියේ වගකීමක්. ගෙවල්වලට වෙඩි තියලා විපක්ෂයේ ආධාරකරුවනු බියවද්දලා ඡන්දයක් පවත්වනවා නම් ඒක සාධාරණ මැතිවරණයක් වෙන්නේ කොහොමද? අපේ රටේ ජනතාවට එක් දෙයක් අවධාරණය කළ යුතුයි. මේ ආකාරයෙන් රටක මැතිවරණ නීති උල්ලංඝණය කරන රාජ්‍ය බලය පාවිච්චි කරමින් භීෂණය ඇති කරන ආණ්ඩුවට ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා අපි ජනතාවට අවධාරණය කරනවා. බලයේ සිටින ආණ්ඩුවක් තමයි නිතිය ආරක්ෂා කිරීමේ පූර්වාදර්ශය ලබාදිය යුත්තේ.
එහෙම කරන්න බැරි ආණ්ඩුවකට ජනතාව ඡන්දය ලබාදිය යුතු නැහැ. ඒවගේම ආණ්ඩුවේ මෙම මැරකම් අනුමත නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. රටක නීතිය ආරක්ෂා කරන්න පොලිසියට නොහැකි නම් මැතිවරණ නීතිය ආරක්ෂා කිරීමට මැතිවරණ කොමසාරිස්ට බැරිනම් ජනතාව තමන්ගේ බලය පාවිච්චි කර මැර කණ්ඩායම් නඩත්තු කරන ආණ්ඩුවට පණිවුඩයක් දෙන්න ඕනෑ. මැරකම් කරන නීති කඩන අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න එපා. ඒවගේම මේ රටේ ජනමාධ්‍යවේදීන්ට සුවිශේෂී වගකීමක් තිබෙනවා. කොළඹට දුරස් ඌව පළාත තුළ සිදුවෙන මෙම සිද්ධීන් ජනතාවට ඉක්මනින් වාර්තා කිරීමට ඔබට කාර්යභාරයක් තිබෙනවා. එම පළාත්වල පොලිසිය නිසි ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. පොලිසිය පාලනය කරන්නේත් එම ප‍්‍රදේශවල සිටින මැරකණ්ඩායම් විසින්. මෙම තත්ත්වයන් මාධ්‍ය මගින් හෙළිකිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලනවා. එනිසා ලබන 20වන දින මේ ආණ්ඩුවට උත්තරයක් දෙන්න මැරකම් කරන ආණ්ඩුවට ධෛර්යය ලබානොදීමට ජනතාව කටයුතු කරන බවට අපට විශ්වාසයි.

Post a Comment