අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහ විහාර වෙත පැමිණි මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු නියෝජිත පිරිස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මහනායක හිමිවරුන් දැනුවත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කළේය.
මල්වතු සහ අස්ගිරි මහනාමිවරුන් බැහැදැකීම සඳහා ගිය මෙම අවස්ථාවට එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමි සහ ගිහිපැවිදි පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

Post a Comment