මෙරට තුළ නීති විරෝධීව රැඳී සිටින පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට ආගමන විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන්ට අද (26) අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
මෙරට තුළ නීති විරෝධීව රැඳී සිටින පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කරමින් ගොනුකර තිබු පෙත්සමත් අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණ.
නිමල්කා ප්‍රනාන්දු ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලූ චන්ද්‍රා ඒකනායක මහත්මිය, ඊවා වනසුන්දර මහත්මිය හා ප්‍රියන්ත ජයවර්ධන මහතා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ මේ ගැන ලබන සැප්තැම්බර් මස 29දාට කරුණු දක්වන ලෙසයි.
පකිස්ථානු සරණාගතයින් ඔවුන් පත්ව සිටින අවදානම නොතකා ශ්‍රී ලංකා රජය විසින් ඔවුන් පිටුවහල් කරන බවට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ද මෑතකදී ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරන ලදී.

Post a Comment