වෙන්නප්පුවේ දෙමහල් නිවසකට පොලීසියෙන් පනියි

වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවසක මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙන්නප්පුව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


එහිදී නීති විරෝධී මත්පැන් බෝතල් 300ක්, ගෝඩා අඩංගු බැරල් 22ක් සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත.


සැකකරු අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


එම්.ඩී.රවීන්ද්‍ර



Post a Comment