සෝමාවතිය රක්ෂිතයේ කටුවන්විල ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී වැලි කියුබ් 01ක් සහ වැලි ප්‍රවාහනය සඳහා යොදා ගත් ට්‍රැක්ටර් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.
සැකකරුවන් සහ අදාළ දේපළ වැඩිදුර විමර්ශන සඳහා වැලිකන්ද පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Post a Comment