අසරණකමට දරුවා ඉල්ලා පෝස්ටර්ද ගසයි


ගල්ගමුවල, මීගලෑව, කටුගම්පලගම ප්‍රදේශයේ නිවසකට යතුරුපැදි දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි සිව්දෙනකු එහි සිටි අවුරුදු හතර හමාරක් වයසැති පැහැරගෙන ගිය පිරිමි දරුවා සොයාගැනීමට මාපියන් ජනතාවගේ සහය අපේක්ෂා කරති. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දනිඳු යෂේන් ලංකානාත් කුමාර නමැති දරුවායි.

දරුවා සොයාගැනීම සඳහා මාපියන් විසින් ප‍්‍රචාරය කරන ලද පෝස්ටරය ඡයාරූපයේ දැක්වේ. මේ අතර දරුවා සොයාගැනීම සඳහා තොරතුරක්
ලදහොත් දන්වන්නැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය ද පහත දක්වා ඇත.

ගල්ගමුවල මීගලෑව , කටුගම්පලගම දේශයේ වී මෝල් ව්‍යාපාරිකයකු වන මහින්ද කුමාර ඒකනායක මහතාගේ සහ ශිරෝමි සුදේශිකා හේරත් යන යුවළගේ බාල දරුවා මෙලෙස පැහැරගෙන ගොස් ඇත.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය ද ප්‍රදේශයේ විදුහලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සිව්දෙනාගෙන් අයකු ව්‍යාපාරිකයාගේ බිරිඳ පිටුපසින් පැමිණ ඇගේ පාදයකට පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා ඔවුන් සමග ‍පොර බදින අවස්ථාවේ ඔහුගේ ගෙලටද පිහියෙන් ඇන ඇත.



IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment