රියදුරන් රහිත මෝටර් රථ දෙදහස් පහළොව වසරේ සිට


දෙදහස් පහළොව වසරේ සිට රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ගවල පැදවීමට අනුමැතිය ලබා දීම සඳහා වූ සැලසුම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරයි. නව තාක්ෂණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ වල ප්‍රධාන පෙළ මධ්‍යස්ථාන අතරට බ්‍රිතාන්‍ය රැගෙන ඒම මෙහි අරමුණයි.

නමුත් මේ වන තෙක් නෛතික සහ රක්ෂණය සම්බන්ධ වූ ගැට‍ළු හේතුවෙන් රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ග වල පැදවීමට

පර්යේෂකයන්ට නොහැකි වී තිබේ. ආණ්ඩුවේ නිවේදනයත් සමග රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ග වල යෙදවීම පහසු විය හැකි බවට බ්‍රිතාන්‍ය ඔටෝමොබයිල් ආයතනයේ සභාපතිවරයා විශ්වාසය පල කරයි.

රියදුරන් රහිත මෝටර් රථ සුලභ වීමට යම් කිසි කාලයක් ගත විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසයි. එක්සත් ජනපදයේ ධාවනය වූ 'ගූගල්' ආයතනයේ රියදුරු රහිත මෝටර් රථයක් කිසිම අනතුරකට මුහුණ නොදී කිලෝමීටර මිලියන භාගයක දුරක් ගමන් කර තිබේ.

IFTTT

Turn off or edit this Recipe

Post a Comment