බිකිනි නිසා චිත්‍රපටයක් අහිමිවුණු පුෂ්පිකාගේ කතාව ටෙලියකට

පසුගිය කාලයේ තිරගත වූ සිරි දළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය සඳහා පළමුව තෝරාගෙන තිබුනේ 2011 වසරේ දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි ය.

නමුත් හදිසියේම ඇයව එම චරිතයෙන් ඉවත් කොට තිබුනේ ඇගේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබෙන බව පවසමිනි.

ඒ හේමමාලා කුමරිය වැනි උසස් චරිතයකට එවැනි නිළියක් විසින් පණ පෙවීම බෞද්ධ ආගමට අගෞරවයක් වන බව නිශ්පාදකයින් විසින් තීන්දු කිරීම නිසාය.


පුෂ්පිකාට සිදුවූ එම සිදුවීම වස්තු බීජය කොට ගනිමින් ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වන "දිය මත ලියමි" ටෙලි නාට්‍යය හේමන්ත ප්‍රසාද් විසින් රචනාකොට ඇත. මෙයින් කියවෙන්නේ පුශිප්කාගේ ජීවිත කතාව නොවන අතර ඇයට මුහුණ පෑමට සිදුවීම හේතුකොටගෙන පමණක් මෙය ලියවී ඇත.

ඒ අනුව දුෂ්කර ගම්මානයක සිට පැමිණෙන නවක නිළියකට එම ක්‍රේශ්ත්‍රය තුල මුහුණ පෑමට සිදුවන ගැටළු සම්බන්ධව මෙම ටෙලි නාට්‍යයෙන් විස්තර වේ.

නාලක තලගල විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලිනාට්‍යය නිෂ්පාදනය කොට ඇත්තේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාරය.

2011 දෙසැම්බර් මාසයේ චීනයේ පැවති මිස් ටුවරිසම් ක්වීන් ඉන්ටර්නැෂනල් තරඟාවලියේ බිකිනියෙන් සැරසී සිටි පුෂ්පිකාගේ ජායාරූප කිහිපයක් පහතින්.













-සම්බන්ධිත පුවත්-
කැසිනෝ ප්‍රේම වෘතාන්තයේ එන සුදර්මාගේ ජායාරූප එකතුවක්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment