මත්තල මොනරු ගැටීමෙන් හෙළිවන පාරිසරික ගැටළුව

පසුගිය සෙනසුරාදා දින මත්තල සිට දොහා කටාර් රාජ්‍යය දක්වා ගමන් ගත් ගුවන් යානයක මොනරුන් දෙදෙනෙක් ගැටීමෙන් සිදුවූ අනතුරක් ගැන පුවතක් මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය Fly Dubai ගුවන් සේවයට අයත් වූවක් වන අතර එය ගමන් අරඹා තිබුණේ කටුනායකිනි. මත්තලට ගොඩබැස්වූ එය මැදපෙරදිග බලා පිටත්ව යන පුහුණු ශ්‍රමිකයන් 28 දෙනෙකු ඇතුළු මඟීන් 181 දෙනෙකු සමඟ ගමන් ආරම්භ කරන අතරතුර මෙම අනතුර සිදුවී තිබුණි.

එම අනතුර සිදුවීමෙන් විශාල හානියක් ගුවන් යානයට සිදු නොවුවත් එම අවස්ථාවේ එහි සිටි විදේශිකයන් කලබලයට පත්ව ඇත. ගුවන් සේවිකාවන් විසින් ඔවුන්ට සහය වී ඇතිඅතර කලබලයට පත්වූ විදේශිකයන් ඉන් බස්වා මත්තල ආසන්නයේ හෝටල් වල පහසුකම් ලබා දී ඇත්තේ එම අනතුර නිසා කල් දැමුණු ගුවන් ගමන නැවත යාමට ටික වෙලාවක් ගතවූ බැවිනි.


2013 වසරේ මාර්තු මස මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කිරීමෙන් අනතුරුව මෙවන් අනතුරක් වූ තෙවැනි අවස්තාව මෙය වේ. අධිවේගී මාර්ගයක් ඉවත්කළ පසු එහි ගැවසෙන සුනඛයන් ඉවත්කළ හැකිවුවද මෙවැනි පරිසරයක ගුවන් පථයක් ඉදි වුවිට එහි සිටින සතුන් ඒ ආශ්‍රයෙන් ඉවත් කිරීම ලෙහෙසි පහසු නොවේ. ආරම්භයේදීම සිදුවූ අනතුරක් හේතුවෙන් එවන් අනතුරු වැළකීම සඳහා ගුවන්තොටුපොළ අධිකාරීන් විසින් වනසතුන් ගැවසෙන ජාල උල්පත් වසා දැමීමට ක්‍රියාකොට තිබුණි.

එයට අනතුරුව රතිඤ්ඤා පත්තුකොට කුරුල්ලන් එලවීමටද කටයුතු යොදා තිබුණි. වාර්ෂිකව ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ වාසස්ථාන බොහොමයක්ද පිහිටා ඇත්තේ මත්තල ගුවන්තොටුපොළට ආසන්නයෙන් බව පරිසරවේදීන් විසින් පෙන්වා දී ඇතිඅතර ගුවන් ගමන් වලට එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් එයට වහාම ක්‍රියාමාර්ග ගන්න ලෙසත් ඔවුන් පෙන්වා දී ඇත.

පසුගිය සතියේ නිකුත් කල වාර්තා වලට අනුව මත්තල ආසන්නයේ සිටි මොනරුන් සිය ගණනක් හම්බන්තොට නගරයට හා ඒ ආසන්න ප්‍රදේශ වෙත ගොස් ඇත. එයට හේතුවී ඇත්තේ ගුවන් යානා වලින් නිකුත් වන අධික ශබ්ධය ඔවුන්ට ගෝචර නොවන නිසාවෙනි.

-සම්බන්ධිත පුවත්-
මත්තලින් ගිය ගුවන් යානයක මොනරුන් දෙදෙනෙක් ගැටේ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment