ජනපතිගේ හොරවැඩ එළිවෙයි !

තර්ස්ටන් විදුහලේ කනිෂ්ඨ ආදිශිෂ්ය සංගමය විසින් "බැක්ටු ස්කූල් (BACK TO SCHOOL)" යනුවෙන් ආදී ශිෂ්‍යයන් නැවත පාසැල් සිසුන් මෙන් සැරසී පාසල් යාම සටහන් කළ වැඩසටහනක් පසුගියදා එම විදුහල් භූමියේදී පැවැත්වුණි. 

මෙම වැඩසටහනට තර්ස්ටන් විදුහලෙන් බිහිවූ විද්වතුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් ඇතුළුව ආදිශිෂයෝ විශාල පිරිසක් පාසල් නිල ඇදුමින් සැරසී ඊට සහභාගිවී තිබුණි. එදින දවස පුරාම පාසැල් දිනයක් මෙන් පැරණි මතකයන්ට පණදෙමින් පංති කාමර තුල ගුරුවරුන් සමග ආදිසිසුන් දවස ගතකොට තිබුණි. 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එහිදී පාසල් සමයේ සිදු කල "හොර වැඩ" සම්බන්ධව ජනපති හෙළි කලේ මෙලෙසිනි. 

දැන් මම මොනවා කියන්නද කියලයි මම කල්පනා කලේ..
මමත් ඉතින් තර්ස්ටන් එකේ..හැට තුනේ අස්වුනේ.. 
(පසුබිමෙන් : සර් ඉස්කෝලේ යන කාලේ වෙච්ච කතාවක් කියන්නකෝ) 
මේ මාධ්‍යය නැත්නම් කියනවා.. ඔබතුමාල මොනවද ඉස්කෝලේ යන කාලේ කොරේ? 

ආ..තර්ස්ටන් කැෆේ එකෙන් හොරෙන් කෑවා..කෑවද? 
හැබැයි මම කිව්වේ නෑ මම කෑවා කියලා 
මෙතනින් පැනල ගියා..වේලාසනින්නුත් පැන්නා.. 

මට තාම මතකයි මෙතන නවත්තල තිබ්බ මහින්දපාල අපේ ගුරුතුමාගේ බයිසිකලය. 
ඒක හිටපු ගමන් නැතිවෙනවා. හැබැයි මම නෙවෙයි පැද්දේ..

මම පාසල් එකකට නෙවෙයි දෙක තුනකට ගිහින් තියෙනවා..
හැබැයි මගෙන් අහපු ගමන් කියන්නේ තර්ස්ටන් කියලා. 

එහි වීඩියෝව බලන්න පහතින් 

එම වැඩසටහනෙහි ජයාරූප එකතුවක් බලන්න පහතින් 




















IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment