අක්කාගේ දියණිය දූෂණය කළ සමෘද්ධි නිලධාරි මාමා රක්ෂිතයට

වයස අවුරුදු දහයක් වූ තම ඥාති පාසල් දැරිය අපයෝජනයට යොදාගත් බව කියන සමෘද්ධි නිලධාරියකු ලබන 22 දින දක්වා බන්ධනාගාර ගතකිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙළේය.

තමාගේම වැඩිමහල් අක්කාගේ දියණිය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට අපයෝජනයට ලක් කර ඇති බවට ඇහැලියගොඩ පොලිසිය ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත්කර ඇත. මෙම චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ඇහැලියගොඩ බෝපැත්ත පදිංචි, සමෘද්ධි නිලධාරියකු වූ කේ. සුනිල් නිල්ටන් ගුණසිංහ (53) නමැත්තෙකි. ඔහුද අවුරුදු ‍ෙදාළහක පුතෙකුගේ හා අවුරුදු පහළොවක දියණියකගේ පියෙකි.

තම අක්කාගේ දස හැවිරිදි දියණිය අධ්‍යාපන කටයුතු සඳහා සැකකාර මාමාගේ භාරයට පත්කර ඇත්තේ මෙයට වසර තුනකට පමණ පෙරසිටය. මෙම අපචාර ක්‍රියාවන්ට මේ දැරිය යොමු කරගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේ සිට බව පරීක්‍ෂණවලදී තහවුරුවී ඇත. සිද්ධියෙන් පසුව සැකකරු මඟහැර සිට පසුගිය 08 දින නීතිඥයකු මඟින් ඇහැලියගොඩ පොලිසිය භාරවී ඇත.

පාසල් නිවාඩුවට තම නිවෙසට ගොස් ආපසු ඇහැලියගොඩ සැකකරුගේ නිවෙසට පැමිණීමට නොහැකි බව දැරිය ප්‍රකාශ කිරීමේදී ඇය පවසා ඇත්තේ මාමාගෙන් අතවර සිදුවූ බවයි. ඒ අනුව පොලිසියට පැමිණිලිකර දැරිය රත්නපුර රෝහලට ඇතුළුකර ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment