ගොං ප්‍රශ්නයක් ඇහුවම ඒකට ගොං උත්තරය දෙන්නෙත් ගොනෙක්ද?.
ඔව්. ඔව්.
ඒක පුද්ගල ණය ප්‍රමාණය පිළිබඳව සරත් අමුණුගම පාර්ලීමේන්තුවේදී ලබාදුන්නේ ගොං උත්තරයක් බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවා.
ඒ පෙරේදා රූපවාහිනී නාලිකාවකදී ඇතිවූ සංවාදයකදී.
ඒක පුද්ගල ණය ලෝකයේ කොහෙවත් මනින්නේ නෑ යනුවෙන් අධ්‍යාපන ඇමතිවරයා පවසද්දී විජිත හේරත් මංත්‍රීවරයා අසා සිටියේ "ඒ වුනාට ඔබතුමන්ලා ඒක පුද්ගල ආදායම නම් ඩොලර් තුන්දාහ හාරදාහ ඉලක්ක කියලා කියනවා" යනුවෙනි.
විජිත හේරත්: මේ ණය ගත්තේ සංවර්ධනයට කියලා ඒක පට්ටපල් බොරුවක්. 2006දී ඔබතුමන්ලා ආණ්ඩුව පටන්ගන්නකොට ඒක පුද්ගල ණය තිබුනේ රුපියල් 112,993යි.
බන්දුල: ඒක පුද්ගල ණය කොහෙවත් මනින්නේ නෑ කොහෙවත් ලෝකේ.
විජිත හේරත් : ඒ වුනාට ඒක පුද්ගල ආදායම මනිනවනේ. ඒක නම් ඔබතුමන්ලා ඩොලර් තුන්දාහ හාරදාහ ඉලක්ක කියලා කියනවා. ඒක පුද්ගල ණය මේ වෙද්දී 321,472 වෙලා තියනවා.
බන්දුල: ඒකපු පුද්ගල ණය කියලා ආර්ථික විද්‍යාවේ කොහෙද තියෙන්නේ?
විජිත හේරත් : එකේ අනිත් පැත්තත් එහෙම තමයි. කොච්චර ප්‍රමාණයක් රටේ ණය වෙලාද කියලා සරත් අමුණුගම අමාත්‍යතුමා මෙහෙම උත්තරයක් දෙන්නේ. ඔබතුමාලගේ මුදල් ඇමතිතුමා. ඔබතුමා අධ්‍යාපන ඇමතිනේ...ඔබතුමාට මුදල් ඇමතිකම කරන්න බැරි නිසානේ ඔබතුමා එතනින් ඉවත් කළේ.
බන්ධුල: ගොං ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරයක් දීලා තියෙන්නේ
විජිත හේරත් : ප්‍රශ්නය ගොං නේ. එහෙනම් ඒකට ගොං උත්තරය දෙන්නේත් ගොනෙක්නේ.
බන්දුල: ඔව්.
විජිත හේරත් : එතකොට මේ ගොනෙක්ද?
බන්දුල: ගොනෙක්ම නෙවෙයි.
විජිත හේරත් : ළමයෙක් ගොං ප්‍රශ්නයක් අහනවා. ගුරුවරයත් ගොං උත්තරයක් දෙනවා.
බන්දුල: අහන එකට උත්තරයක් දෙන්න එපැයි.
විජිත හේරත් : ඒකපුද්ගල ණය ප්‍රමාණය කියලා මේ රටේ පිලිගත්ත, හිටපු මුදල් ඇමති, කැබිනට් ඇමති, දැන් මුදල් නියෝජ්‍ය ඇමති සරත් අමුණුගම උත්තරයක් දෙනවා. මේ අධ්‍යාපන ඇමති කියනවා ඒක ගොං උත්තරයක්ලු. ඒ කියන්නේ අපේ මුදල් නියෝජ්‍ය ඇමති ගොං උත්තර දෙන ගොං ඇමතිකෙනෙක් කියලා කියනවා නොකියා. ඒ කියන්නේ රටේ අය වැය ගැන කතා දෙකක් නෑ. මේ අය වැයත් ගොං අය වැයක්ම තමයි.
එම වීඩියෝව පහතින්.

Put the internet to work for you.
Post a Comment