ඇමරිකාවේ ප්‍රචලිත වූ භූත කෝච්චිය ලංකාවට එයි !

දෙමටගොඩ දුම්රිය අංගණයේ නවතා තිබු දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව හදිසියේම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ 2013 දෙසැම්බර් මස පස්වනදා අලුයම 1.45 ට පමණ ධාවනය වී තිබේ. 

එන්ජිම දෙමටගොඩ සිට විනාඩි හතළිහක කාලයක් දුම්රිය ස්ථාන අටක් පසුකරමින් රියැදුරකු නොමැතිව මෙසේ ධාවනය වී ඇත. එන්ජිමට ධාවනය වීම සඳහා අවශ්‍ය මාර්ග සංඥා ද ලැබී තිබීම පුදුම සහගත සිද්ධියකි. 

පැයට කිලෝමීටර් පහක් - දහයක් අතර වේගයෙන් ධාවනය වූ එම දුම්රිය මරදාන, කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස හරහා රත්මලාන වෙත රියදුරෙකු නොමැතිව පැමිණ තිබේ. 

පසුව රත්මලාන අංගණයට ප්‍රවේශ වන ස්ථානයේ දී රියැදුරෙක් එංජිමට ගොඩ වී එය නවතා ගෙන තිබේ. මෙසේ රියදුරෙකු නොමැතිව ධාවනයකොට තිබුනේ ෂන්ටින් වර්ගයේ අංක 686 දරන දුම්රිය එන්ජිමය. ෂන්ටින් දුම්රිය එන්ජින් මගී ප්‍රවාහන දුම්රිය සඳහා යොදා නොගනී. 

එය ධාවනය කල ෂන්ටිං දුම්රිය රියැදුරා වන ඩබ්ලිව්. සුමනරත්න එන්ජිම පනගන්වා දුම්රිය මගේ නවත්වා (සාමන්‍යය ක්‍රියාවලිය මෙය වේ) ජලශක්ති ධාවනාගාරයට ෂන්ටිං එන්ජිමේ යතුර බාර දී ඇතිඅතර ඉන් පැය දෙකකට පමණ පසුව මෙසේ පන ගැන්වූ එන්ජිම ධාවනය වීමට පටන්ගෙන ඇත. 

දුම්රියක් එහි රියදුරු නොමැතිව ගමන් කිරීම තවත් එක් නොසැලිකිලිමත් ක්‍රියාවක් හෝ තාක්ෂණික දෝෂයක් බවට අපට විශ්වාස කිරීමට හැකියාවක් නැත්තේ මින් වසර සියයකට ප්‍රථම එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇති නිසාවෙනි. ඒ 1913 වසරේ දෙසැම්බර් පස් වනදාය. 

දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටය. ස්වයංක්‍රීයව දුම්රිය ධාවනවූ දින දෙකම එකම දින (1913 දෙසැම්බර් 05 හා 2013 දෙසැම්බර් 05) වීම තවත් විශේෂත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනයවී ඇත. 

වසර සියයකට පෙර ධාවනය වූ එම කෝච්චියත් , වසර සියයකට පසු ධාවනය වූ ෂන්ටින් එන්ජිමත් සිතීමට තවත් අභිරහසක් ඉතුරුකොට තිබේ. 

බටහිර රටවල භූත කෝච්චි සුලභ සංකල්පයකි. භූත කෝච්චි phantom trains ලෙසද හඳුන්වනු ලැබේ. භූත කෝච්චි පිලිබඳ අධ්‍යනය කල සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ විද්‍යාඥයන් එය තවමත් විසඳාගත හැකි නොවූ අභිරහසක් ලෙස දක්වා ඇත. 

ඔවුන් දක්වා ඇති පරිදි මෙම භූත කෝච්චි රියදුරු නොමැතිව ගමනේ යෙදෙන අතර ඇතැම් ස්ථානවල නවත්වා මගීන්ද එයට නංවා ගනු ලැබේ. ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් 1865 දී ඝාතනය වීමෙන් අනතුරුව ඔහුගේ මළසිරුර ධවල මන්දිරයේ සිට ඉලිනොයිස් වෙත ගෙන ගොස් ඇත්තේ දුම්රියෙනි. 

එම දුම්රිය අදටත් වාර්ෂිකව භූත දුම්රියක් ලෙස මළසිරුර ගෙනගිය මාර්ගයේ සැරිසරන බවට මතයක් තිබේ. 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment