
විශේෂයෙන්ම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාව ලංකාවේද ජනප්‍රියත්වයක් හිමිකර තිබු හෙයින් ලංකාවේ බොහෝ තරුණ පිරිස් ද පෝල් වෝකර් ගේ හදිසි වියෝවෙන් පසුතැවෙනු දක්නට ලැබුනා.
ඇතැමුන් පෝල් වෝකර් ගේ නික්මයාම පිලිබඳ වැලපෙන ලාංකිකයන් හාස්‍යයට ලක්කොට තිබුනේ දුගී රටවල ආහාර නොමැතිව දිනකට මරණයට පත්වන ළමුන්ගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමිනි.
ඒ කෙසේ වෙතත් පෝල් වෝකර් මියගොස් තිබුනේ සමාජ සේවයේ නරත වෙමින් සිටින අතරතුරය. පසුගිය කාලය පුරාවට "Reach Out Worldwide" සංවිධානයේ වැඩකටයුතු වලට සක්‍රිය දායකත්වයක් ලබාදුන් ඔහු මියගියේද එම සංවිධානයයේ සමාජ සුබසාධන කටයුත්තකට සහභාගී වීමට යටින් සිටියදීය.
පෝල් වෝකර් ගේ මරණයෙන් පසුව ඔහුගේ රිය අනතුර සිදුවූ ආකාරය පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පලකොට තිබුණි. ඇතැමුන් පෝල් වෝකර් සැබෑ ජීවිතයේදීත් මෝටර් රථ ධාවකයෙකු ලෙස හඳුන්වා ඔහු මරණයට පත්වුයේ තවත් මෝටර් රථයක් සමග පැවති තරඟයක්(Drag Race) අතරතුරේදී බව ප්‍රචාරයකොට තිබුණි.
නමුත් ඔහුගේ පවුලේ උදවිය එය ප්‍රතික්ෂේප කරමින් සිටියේ පෝල් වෝකර් සැබෑ ජීවිතයේදී එවැනි පුද්ගලයෙකු නොවන බවය. මේවනවිට ඔහුගේ මරණයට හේතු වූ කාරනා මාධ්‍යය විසින් නිකුත් කර ඇතිඅතර එහි දැක්වෙන්නේ මෝටර් රථ අනතුරෙන් සිදුවූ කම්පනයෙන් ඉන්ද්‍රියයන්ට සිදුවූ හානියත් සිරුර ගිනිගැනීමත් නිසා ඇතිවූ හානිය හේතුවෙන් ඔහු මියගොස් ඇතිබවය.
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ 7 වන කොටසේ වැඩිකොටසක් මේවනවිටත් රූගතකොට අවසන් අතර ඉතිරිකොටස පෝල් වෝකර් නොමැතිව රූගතකොට අවසන් කිරීමට නියමිතය. චිත්‍රපටය නිකුත් වීම ප්‍රමාද වියහැකි නමුත් එය අනිවාර්යයෙන් නිකුත්කරන බවට එහි නිෂ්පාදකවරුන් සහතික වී තිබේ.
එම චිත්‍රපටයේ කොටසක් අන්තර්ජාලයට නිකුත් වී ඇතිඅතර එහි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 වන කොටසේ චිත්‍රපටයේ කතාමාලාවට අනුව මරණයට පත්වූ Han Seoul සහ ඔහුගේ පෙම්වතියගේ අවමගුල් උත්සවයට සහභාගිවූ පෝල් වෝකර් ගේ දර්ශන ඇතුලත්වී තිබේ.
එම වීඩියෝව පහතින් බලන්න
පෝල් වෝකර් ගේ දෙබස
Gibson : 'Promise me Brian, no more funerals.'
Brian (Paul Walker) : 'Just one more"
පෝල් වොකර්ගේ 23 හැවිරිදි පෙම්වතිය ඔහුගේ මරණයෙන් පසු හඬන අයුරු.

පෝල් වෝකර් වයස 33 පසුවනවිට 16 හැවිරිදි ජැස්මින් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇතිඅතර එය පසුගිය වසර හත දක්වාම තිබී ඇත.
ඔහු සැලසුම්කොට තිබී ඇත්තේ සිය පහළොස් හැවිරිදි දියණියට කුඩම්මා කෙනෙකු ලෙස ජැස්මින් සමග විවාහ වීමටය.

Put the internet to work for you.
Post a Comment