
එම ඉදිකිරීමෙන් අපහසුතාවයට පත්වූ එම පිහිනුම් තටාකයට යාබද නිවසේ පදිංචිකාරිය ඒ පිළිබඳව කෝට්ටේ මහනගර සභාව වෙත පැමිණිලි කිරීමට යාමේදී කෝට්ටේ නගරාධිපති ජනක රණවක විසින් අශෝබන අන්දමින් එම කාන්තාවට බැන වැදුණු පුවත අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී.
පසුගියදා එම පැමිණිලිකාරියට යුක්තිය ඉටුකරමින් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ පිහිනුම් තටාක සංකීර්ණයක ඉදිකිරීම් නවතාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා (05) දින තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම පිහිනුම් තටාක සංකීර්ණයේ ඉදිකිරිම්වලට එරෙහිව එම පදිංචිකාරිනිය විසින් මීට ඉහත දී කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබිණ. පසුව අදාල ජාත්‍යන්තර පාසල විසින් ඊට එරෙහිව සිවිල් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබූ අතර එහිදී සිවිල් අභියාචනාධිකරණය කොළඹ දිසා අධිකරණයෙන් ලබා දි තිබු තහනම් නියෝගය අහෝසි කළේය.

කෝට්ටේ නගරාධිපතිවරයා ජාත්‍යන්තර පාසලට පක්ෂපාති වෙමින් එම අනවසර ඉදිකිරීමට අනුබල දුන් හෙයින් එම පැමිණිලිකාරිනියට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවිය.
ජනක රණවක විසින් පොදු දේපල අනවසරයෙන් විකිණීම සම්බන්ධයෙන් නඩුවක් මේවනවිට විභාග වන අතර ඔහු විසින් සිදුකරන ලද තවත් ඉඩම් වංචා පිලිබඳ හෙළිදරව්වක් ඉදිරියේදී බලාපොරත්තු වන්න.

Put the internet to work for you.
Post a Comment