ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නෑ- පොලිස් ප්‍රකාශක

පසුගිය කාලයේ ලංකාවට එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හා අරුන්දික ප්‍රනාන්දු මංත්‍රීවරයාට චෝදනා නැඟුණා.

මේ අතර ලංකාවට ගෙන්වූ කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා නැඟෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ කුඩු වලට හවුල් නැති බවයි


ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රය වෙලා කියන්නේ ඇත්තද?
නෑ. එහෙම එකක් නෑ. නමුත් ලයිබීරියානු සිද්ධියත් එක්ක බලනකොට යම් ප්‍රමාණයකට මේ හරහා අප්‍රිකානු රට වලට කුඩු ගෙනියනවද කියා අපි විමර්ශනය කරගන යනවා.

ලංකාවට කුඩු එන විදිහ ගැන ඉන්දියාව හොයාගන්නකම් අපේ පොලිසියට හොයාගන්න බැරි වුණා නේද?
නෑ...ආපි හොයාගත්තනේ. අපි හැම වෙලේම කියා තිබුණා ගුවන් මඟීන්, කන්ටේනර් වලින් හා බෝට්ටු වලින් මේවා එන්නේ කියලා. ඉන්දියාවට කලින් අපි හඳුනගත්තේ

හෙරොයින් ගෙන්වන මහා පරිමාන ජාවාරම් කාරයෝ අල්ලලා තියෙන්නේ අඩු ප්‍රමාණයක් නේද?
එහෙම කියන්න්න බෑ. අපි මේ වසරේ ජාවාරම් කාරයෝ 12ක් විතර ඇල්ලුවා.

බොදුබල සේනාව කියනවා ආණ්ඩුවේ දේශපාලඥයෝ හතර පස් දෙනෙක් කුඩු ජාවාරමට හවුල් කියා. ඇයි ඔවුන් අත් අඩංගුවට නොගන්නේ?
නෑ...එහෙම අපිට ආරංචි වෙලා නෑ. ඒ ගැන තොරතුරු ලැබී නෑ.

බොදුබල සේනාවෙන් ඒ ගැන තොරතුරු ලබාදී නැද්ද?
නෑ

කුඩුකාරයන් සමඟ සම්බන්ධකම් තියන පොලිස් නිළධාරීන් ඉන්නවා නේද?
තාම අපිට එහෙම ආරංචි වෙලා නෑ අනාවරණ වෙලා නෑ. අනාවරණය වුනොත් ඒ ගැන ක්‍රියාකරන්න පසුබට වෙන්නේ නෑ.

අගමැතිගේ හිටපු ලේකම් කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලිපි දුන් බව කියවුණා. ඔහුගෙන් කට උත්තර නොගත්තේ ඇයි?
කට උත්තරයක් අරන් තියෙන්නේ

අගමැතිගෙන් කට උත්තරයක් ගත්තද?
නෑ.. එතුමා මේකට සම්බන්ධයක් තියනවා කියා අනාවරණය වෙලා නෑ.

කුඩු රජවරුන් සමඟ එකට ජායාරූප වලට පෙනී සිටි පොලිස්පතිලත් හිටියා නේද?
එහෙම අවස්ථාවක් තිබුණා ඉතිහාසයේ. ඒක දැනගාන හිටපු එකක් නෙවෙයි.

ලංකාවේ වැඩියෙන් කුඩු කාරයෝ සම්බන්ධකම් තියෙන්නේ පොලීස් නිළධාරීන්ගේද දේශපාලඥයන්ගේද?
නෑ...දෙගොල්ලගේම නෙවෙයි. කුඩුකාරයන්ගේ සම්බන්ධකම් තියෙන්නේ කුඩු කාරයෝ බිස්නස් කරන ව්‍යාපාරිකයන් එක්ක

ලොකු ලොකු කුඩු මුදලාලිලා අල්ලන්නේ නැත්තේ ඊට අනිසි බලපෑම් කරන කෙනෙක් ඉන්නවද?
නෑ..නෑ..එහෙම කෙනෙක් නෑ.

කුඩු නැති කරන්න පොලිසියට නිසි වැඩ පිළිවෙලක් තියනවද?
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේකේ මුල් පුරුක විදිහට ක්‍රියා කරනවා. විශේෂ කාර්ය බලකාය හා සෙසු පොලිසි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපේ බුද්ධි නිළධාරීන් ඉන්නවා තොරතුරු රැස් කරන්න. සාක් කලාපය ආදී විවිධ රටවල් අතර තොරතුරු හුවමාරු කරගන කුඩු නතර කරන්න ක්‍රියා කරනවා.

කුඩු සම්බන්ධයෙන් ජනතාවට මොනවද කියන්න තියෙන්නේ?
තරුණ පරපුරට කියනවා මේවට ඇබ්බැහි වෙන්න එපා කියලා. අපි කිසිම බලපෑමකට යටත් නොවී වැටලීම් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු ඇත්නම් අපිට දන්වන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා. සාර්ථක තොරතුරු වෙනුවෙන් අපි ත්‍යාග මුදල් පවා පිරිනමනවා.

මේ අතර පෙරේදා දිනයේද තවත් එතනෝල් කන්ටේනරයක් රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව රේගු නිළධාරීන් විසින් පවසා සිටියේ ඒ ගැන පොලීසිය විසින් විමර්ශනය කරාවි යනුවෙනි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ පොලීසිය විසින් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමක් සිදු නොකරන බවයි.

එම වීඩියෝව පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment