බෝම්බයක් අහුලා ගත් පස් හැවිරිදි දරුවකු මරුට

ත්‍රිකුණාමලයේ කුච්චවේලිහිදී සිකුරාදා සවස සිදුවූ පිපිරීමකින් පස් හැවිරිදි දරුවකු මිය ගොස් ඇති අතර තවත් ළමුන් දෙදෙනකු තුවාල ලද බවක් වාර්තා වෙයි.

මෙම ළමුන් තිදෙනා විසින් තම නිවසට නුදුරින් තිබී පුපුරන ද්‍රව්‍යයක් සොයා ගනු ලැබීමෙන් අනතුරුව,ඔවුන් එය පරීක්ෂා කර බැලීමට යාමේදී අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම නිසා බරපතල ලෙස තුවාල ලබා සිටින තුන් හැවිරිදි සහ දස හැවිරිදි වූ ළමුන් දෙදෙනකු ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.පස් හැවිරිදි ළමයා මිය ගොස් ඇත්තේ රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසුවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment