මේ වසරේදී පමණක් ' Facebook ' පැමිණිලි 1,200ක්

මේ වසරේදී ' Facebook' සමාජ ජාලයට සම්බන්ධ පැමිණිලි 1,200කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙළි කරයි.

පසුගිය වසරේ මෙබඳු පැමිණිලි 1,150ක් ලැබී තිබූ අතර එම සංඛ්‍යාව මේ වසරේදී 50කින් වැඩි වී ඇතත්, 2011 වසරට සාපේක්‍ෂව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව 'පරිගණක ප්‍රතිචාර සංසදයේ' තොරතුරු ආරක්‍ෂක ජේ‍යෂ්ඨ ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.මේ වසරේදී ලැබී ඇති පැමිණිලි අතුරින් බොහොමයක් ඒවා අන් අයගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් හා සම්බන්ධ වූ ඒවා බවත් මිතුරු හවුලට මිතුරන් නොවන පුද්ගලයන් එක්කර ගැනීමෙන් ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් හෙතෙම කීය.


එසේම වාර්තා වන පැමිණිලි අතර ආදර සබඳතා බිඳ වැටීමෙන් පසුව එක් පාර්ශ්වයක් අතින් අනෙක් පාර්ශ්වය සම්බන්ධයෙන් ව්‍යාජ 'ෆේස් බුක්' ගිණුම් පටන්ගෙන එම පාර්ශ්වය අපහසුතාවට පත්කරන බවත් හෙළිදරව් වී තිබේ.


'ෆේස් බුක්' ගිණුම්වල Password (රහස් පද) ශක්තිමත් එකක් කරගැනීමෙන් මේ තත්ත්වයන් මඟහරවා ගත හැකි බවත් එහිදී 'රහස්‍ය පදය' සඳහා ඉංගී්‍රසි භාෂාවේ කැපිටල්, සිම්පල් අකුරු සමඟ විවිධ සංකේත මිශ්‍ර කර 'රහස් පදය' සකස් කරගන්නා ලෙසත් රොෂාන් මහතා වැඩිදුරටත් කියා සිටී.

එසේම ඡායාරූප හුවමාරු කිරීමේදී තමාට විශ්වාසදායී පාර්ශ්වයන් අතර පමණක් ඡායාරූප හුවමාරු කිරීමට පියවර ගැනීම තුළින්ද 'ෆේස් බුක්' සමාජ ජාලය සම්බන්ධ පැමිණිලි අවම කරගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
ලංකාවේ මේ වනවිට ෆේස්බුක් ගිණුම් විසි ලක්‍ෂයක් පමණ ක්‍රියාත්මක වේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment