සනත්ට උන්හිටි තැන් අමතකවුනු ෆොටෝස් මොනවද?

තැපැල් නියෝජ්‍ය අමාත්‍යය සනත් ජයසූරිය පසුගියදා කාර්යබහුලත්වයට පත්ව සිටියේ අයවැය විවාදයට සහභාගී වූ හෙයිනි. 

ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට විදේශ සංචාර තහනම් කොට තිබූ අතර අයවැය විවාදයට සහභාගී වීම අනිවාර්ය කොට තිබුණි. 

පසුගියදා අයවැය විවාදයට සහභාගී වූ සනත් ජයසූරිය තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග එකට එක්වී ඉතා උනන්දුවෙන් යමක් දෙස බලමින් සිට ඇත. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මෙය දැක ඒ අසලට ගොස් ඇත. 

එවිට සනත් ජයසූරිය ඔහුගේ ජංගම දුරකතනයෙන් ජායාරූප එකතුවක් ඉතා උනන්දුවෙන් ඔහුගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පෙන්වන බව මහලේකම්වරයා දැක ඇත. 

ඒ පිලිබඳ කුහුලක් ඇතිවූ මහලේකම්වරයා "ඔය මොනවද බලන්න?" යනුවෙන් සනත්ගෙන් විමසා ඇත. ජායාරූප කෙරෙන් ඇස් ඉවතට ගැනීමකින් තොරවම සනත් පවසා ඇත්තේ "පොඩ්ඩක් ඉඳපන් බන්, අපි බලල ඉවර උනාම උඹටත් බලන්න දෙන්නම්" යනුවෙනි. 

තමා එසේ පිළිතුරු දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට බව සනත් දැනගෙන ඇත්තේ ඉන් අනතුරුවය. ඉන්පසු ඔහු මහලේකම්වරයාගෙන් සමාව ඉල්ලා ඇත්තේ "සොරි සර් ..එක්ස්ට්‍රිම්ලි සොරි.".යනුවෙන් පවසමිනි.

IFTTT

via Personal Recipe 6688875

Post a Comment