රක්නා ලංකාට විරෝධය පෑවැයි සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර 3කට කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහ මංසන්ධියේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබුණි.

එයට සමගාමීව සිසුන් විසින් විශ්වවිද්‍යාලය තුල විරෝධතා පුවරු, පෝස්ටර්, කටවුට්, කොඩිවැල් ප‍්‍රදර්ශනය කර තිබූ අතර ඒවා අශෝබන යැයි උපකුලපතිවරයා දැන්වීම නිසා විශ්ව විද්‍යාලය තුල ඇති ආරක්ෂක අංශ විසින් ඒවා ඉවත් කර තිබේ.

ගෝටාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන "රක්නා ලංකා" හි ආරක්ෂකයින් ඒවා ඉවත් කිරීමේදී සිසුන් හා උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබෙන අතර එය හේතුකරගෙන සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.


ආරක්ෂකයින් කොඩි වැල් ඉවත් කරන අයුරු හා සිසුන්ට පාර්ට් දමන අවස්ථාවේ ජායාරූප පහතින්.









IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment