ඩුබායි හිදී කැමරාව සොරාගත් කැමරා ශිල්පියා මෙන්න

පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබු පුවත මාධ්‍යයවල පුවත් මැවූ සිදුවීමක් විය.

එම කැමරා ශිල්පියා මෙරටට පැමිණීමෙන් අනතුරුව ජානාධිපති මාධ්‍යය ඒකකයෙන් ඉවත් කල බව මාධ්‍යයවල පළවුවත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යයට හෙළි නොවුනි. බොහෝ දෙනා ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ නිල ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා සැකකොට ඔහුට දුරකථන ඇමතුම් ලබාදී තිබුණි.

මාධ්‍යයට වසන් වූ මෙම සොරකම කල සැබෑ පුද්ගලයා පිලිබඳ තතු සොයාගැනීමට තිස්තුන්දාහේ අපට සොයාගැනීමට හැකිවිය.


ඇමෙරිකානු ඩොලර් 2325ක් පමණ වටිනා එම වීඩියෝ කැමරාව සොරකම් කර ඇත්තේ ජනාධිපති මාධ්‍යය ඒකකයේ විජයානන්ද හේරත් විසිනි. ඔහු මෙයට පෙර සිට විදේශ සංචාරයන්හි දී කුඩා සොරකම් කිරීමට පුරුදුව සිටි අයෙකි. එහි ආසන්නතම සිදුවීම මාධ්‍යයට වාර්තා වුයේ බෙලරුස් සංචාරයේදීය.

එම සංචාරය නිමවා ජනපති ඇතුළු පිරිස මෙරටට පැමිණෙද්දී විජයානන්ද හේරත් විසින් එම රටේ නැවතුනු හෝටලයේ ඇඳෙහි ඇඳ අතුරනාවද ලංකාවට ගෙනවිත් තිබුණි. මේ සම්බන්ධව එම හෝටලයෙන් ලංකාවේ දූත පිරිසට දන්වා තිබුනත් රාජ්‍යය නායකයෙකු සමග පැමිණි පිරිසක් හෙයින් එම හෝටලයෙන් ඒ පිලිබඳ වැඩි දුර ප්‍රශ්න කිරීමට ගොස් තිබුනේ නැත.

මෙම කුඩා සොරකම් වලින් ආශ්වාදයක් විඳි විජයානන්ද හේරත් විසින් පසුගියදා 11 වනදා කෙන්යාව බලා පිටත්වූ විදේශ සංචාරයේදී ද විශාල සොරකමක් සිදු කළේය. ඒ දෙසැම්බර් මස 12 වනදා ඩුබායි බදු රහිත සාප්පු සංකීර්ණයේ විදුලි උපාංග වෙළඳසලක් තුලය. ලංකාවේ මුදලින් ලක්ෂ තුනකට අධික වටිනාකමක් ඇති එම කැමරාව විජයානන්ද හේරත් ගේ බෑගයට ඔබාගන්නා අයුරු එහි CCTV කැමරාවල සටහන්ව තිබෙන අයුරු ගුවන්තිටුපොල ආරක්ෂක අංශය විසින් සොයාගෙන ජනාධිපති මාධ්‍යය ඒකකයට දැනුම් දී තිබේ.

රාජ්‍යය නායකයෙකුගේ මාධ්‍යය අංශයේ පුද්ගලයෙකු විසින් එම සොරකම සිදුකල නිසා ජනපතිවරයාට ගරුකොට ඔහුව ආරක්ෂක අංශය විසින් නිදහස්කොට ඇත. මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහුව තනතුරෙන් පහ කිරීම විනා දඬුවම් පැමිණවීමක් සිදුවුයේ නැත.



-සම්බන්ධිත පුවත්-
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයෙක් කැමරාවක් සොරකම් කර හසුවෙයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment