කැසිනෝව ලංකාවෙන් අකුලාගෙන පැකර් මියන්මාරයට යෑමේ සූදානමක්!

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරය සඳහා ඉක්මනින්ම අවශ්‍ය නීත්‍යනු කටයුතු ලංකාවෙන් සිදු නොවුවහොත් එම ආයෝජනය මියන්මාරයට ගෙනයන බවට ක්‍රවුන් ඉන්වෙස්ට්මන්හි හිමිකරු වන ජේම්ස් පැකර් විසින් අනතුරු අඟවා තිබේ. 

මේවනවිටත් ජේම්ස් පැකර් ගේ නියෝජිතයන් මියන්මාරයට ගොස් ඒ පිලිබඳ සොයාබලන බව වාර්තා වේ. පසුගිය කාලයේ දිගින් දිගටම එල්ලවූ විරෝධතා හමුවේ එම ව්‍යාපෘතියට බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය ක්‍රියාමාර්ග ගත්තේය. 

ඒ අනුව පසුගියදා පොදුරාජ්‍යය මණ්ඩල සමුළුවේ ව්‍යාපාරික සමුළුවට ලංකාවට පැමිණීමෙන් පසු ඔස්ට්‍රේලියාවට ගිය ජේම්ස් පැකර් ලංකාවේ ප්‍රමාදය ගැන සිට ඇත්තේ කෝපයෙනි. ලංකාවේ කැසිනෝ ව ස්ථාපිත කිරීමට ඔහුගේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල් ය. 

කැසිනෝ ආයෝජනය ලංකාවට ගෙන ඒම වෙනුවෙන් ඔහුට සම්පුර්ණ ආයෝජනය වන ඩොලර් මිලියන 400 යෙන් 10% ක් එනම් ඩොලර් මිලියන 40 ක් හිමිවේ. එහෙයින් ජේම්ස් පැකර් ගේ අනතුරු ඇඟවීම පිලිබඳ වඩාත් කලබල වුයේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල්ය. 

ඒ අනුව පසුගිය සතියේ ඇලෙක්ස් ලොවෙල් විසින් මහා භාණ්ඩාගාරය හා ආයෝජන මණ්ඩලය සමග පැකර් ගේ අනතුරු අනග්වීම පිලිබඳ සාකච්චා කොට ඇත. එහිදී එළඹුණු ගත් අවසන් විශේෂ තීන්දුවත් සමග ඇලෙක්ස් ලොවෙල් පසුගිය බ්‍රහස්පතින්දා දින ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ ජේම්ස් පැකර් හමුවී එම තීරණය දැනුම් දීමටය. 

එම අවසන් විශේෂ තීන්දුව කුමක්ද? 

වාර්තාවන පරිදි එම අවසන් විශේෂ තීන්දුවෙන් කියවෙන්නේ ලංකාව කැසිනෝ ව්‍යාපාරය සඳහා සුදානම් බවය. ඒ පිලිබඳ අණපනත් කැබිනට් එකටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත්කොට ඉදිරියේදී සම්මත කරගන්නා බවත් එම හෝටල් සංකීර්ණය පටන්ගැනීමට වසර තුනක් පමණ ගතවන නිසා එම කාලය තුල නීතිමය ගැටළු විසඳා ගතහැකි බව එම අවසන් තීන්දුවේ ඇතැයි වාර්තා වේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment