
ඊයේ මධ්‍යම රාත්‍රි එකට පමණ හික්කඩුව පොලිස් නිළධාරීන් විසින් හොර හරක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් නැවැත්වීමට කටයුතු කර ඇත. ඉතා වේගයෙන් පැමින ඇති මෙම ලොරිය නොනවත්වා ධාවනය කිරීමට යාමේදී පොලීසිය පිටුපස රෝදයට වෙඩි තබා නතරකර ඇති අතර ඒ මොහාතේ ඉදිරියෙන් පැමිණි වෑන් රථයකට නැගුනු හොර හරක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනා පලා ගොස් ඇත.
අත්අඩංගුවට පත් එම ලොරියේ ගැබ්බර එලදෙනෙකු ඇතුළු ගවයන් 15 දෙනෙකු සිට ඇත. ලොරියේ ඇතිවූ තෙරපීම් හේතුවෙන් ගවයන් පස් දෙනෙකු මරණයට පත්ව ඇතිඅතර මේවනවිට ගැබ්බර එලදෙනද මියගොස් ඇතිබව වාර්තා වේ.
අසාධ්‍යය තත්වයේ සිටි එම ගවයන් ගලවාගැනීම සඳහා මැදිහත්වී ඇත්තේ හෙළ බොදු පවුර ජාතික සංවිධානය විසිනි.
එහිදී අදහස් ප්‍රකාශ කල හෙළ බොදු සංවිධානයේ ප්‍රකාශවරයෙකු පවසා සිටියේ දිනකට හරක් පැටවූ ලොරි පහක් පමණ මේ අයුරින් හරක් ප්‍රවාහනය කරන බවත් එය නැවත්වීම සඳහා පොලිසියේ නිලධාරීන්ගේ කැපවීම අවශ්‍යය බවය.
එම අවස්ථාවේ ජයාරූප එකතුවක් බලන්න පහතින්












Put the internet to work for you.
Post a Comment