තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ වෙල්යායකට ඊයේ උල්කාවක කොටස් වැටී තිබුණා.
අක්කර දහයක පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති ඒවා බැලීමට අවට ගම් කිහිපයකම ජනතාව පැමිණ සිටි අතර එම උල්කා කැබලි ජලයේ පාවෙන බවයි ගම්වාසීන් පැවසුවේ.
මීට පෙර අරලගංවිල ප්‍රදේශයටද මෙම ආකාරයේම ජලයේ පාවෙන උල්කාවක් වැටී තිබුණු අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර අවධානයද යොමුවිය.
ඒ එහි පිටසක්වලින් පැමිණි ජීවී විශේෂ හඳුනාගත් බවට මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පැවසීමත් සමඟය.
එම උල්කාපාත කොටස් නිවෙසට රැගෙන ගිය ගොවියාගේ අත පිච්චී තිබූ අතර එම කොටස්වල සුවඳ බැලූ ගොවියාගේ බිරිය සිහිසුන්ව ඇද වැටී තිබුණි.
අරලගංවිල උල්කාව පිළිබඳ වූ මත ගැටුම
අරලගංවිලෙන් හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටසක් බවටත්, ජීවීන් සහිත අභ්‍යන්තරීක සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමඟ එය පැමිනෙන්නට ඇති බවටත් ඔහු Journal of Cosmology නම් ජාත්‍යන්තර අභ්‍යාවකාශ සඟරාවට විද්‍යාත්මක ලිපියක් ලියා තිබුණා. එම ලිපිය මෙතනින්.
නමුත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචායවරුන් පිරිසක් පැවසුවේ එය උල්කාවක් නොව අකුණුගැසීමක් නිසා ඇතිවූ පාෂාන බවයි.
පොළවේ යම් ස්ථානයක උෂ්ණත්වය ක්ෂණිකවම සෙන්ටිග්‍රේඩ් අංශක 1,500ට පමණ වැඩි වුනොත් එම ස්ථානයේ තිබෙන සිලිකාමය ද්‍රව්‍ය හා සිලිකේට ඛනිජ උණුවීමකට භාජනය වී ඉතා ඉක්මනින් හැදෙන පාෂාණ වැනි ද්‍රව්‍යයක් සෑදෙන බවත් අරලගංවිලෙන් හමුවූයේ එවැන්නක් බවත් ඔවුන් පවසා සිටියා.
කෙසේවුවද පසුගිය වසරේ දෙසැම්බර් මාසයේද මේ ආකාරයේම උල්කාවන් රාශියක් ලංකාවේ අරලගංවිල, දඹුල්ල, දිඹුලාගලට, මීගහකිවුල, තිස්සමහාරාමය, බත්තරමුල්ල...ආදී ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබුණා
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව
සෑම වසරකම දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන "ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව" මේ දින වල දක්නට ලැබෙන අතර එහි උපරිමය උදාවන්නේ තවත් දින තුනකින් මෙම සිකුරාදා (13) ය.
ජෙමිනි හෙවත් මිථුන රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වන මෙම උල්කාපාත වර්ෂාවට පදනම් වන්නේ Phaethon 3200 නම් පාෂානමය වල්ගාතරුව අභ්‍යවකාශයේ ඉතිරි කර ගොස් ඇති අවශේෂයි.
මේ නිසා පැයකට උල්කාවන් 120 පමණ පෘතුවි වායුගෝලයට ඇතුල්වන අතර එලෙස ඇතුල්වන විශාල ග්‍රහක කැබලි දැවී නොගොස් ඉහත පරිදි පොළොවට ලඟා විය හැකිය.
මෙතක් හමුවූ විශාලත උල්කා කැබැල්ල
මෙතෙක් වැටුණු උල්කාපාත වලින් විශාලතම කැබැල්ල වන්නේ පසුගිය පෙබරවාරි මාසයේ රුසියාවට වැටුණු උල්කාවයි. එය අහසේදී පුපුරා යාම නිසා සයිබීරියාවේ කැලෑ ප්‍රදේශ ඇතුලු වර්ග කිලෝමීටර් 200ක ප්‍රදේශයක කැබලි විසිවී තිබු අතර රුසියාවේ විලකින් ගොඩගත් එහි කැබැල්ලක් ලොව මෙතක් හමුවූ විශාලතම උල්කා කැබැල්ල වේ. එහි බර 580 ඛ්ග් කි.
තඹුත්තේගමට වැටුණු උල්කාවේ වීඩියෝවක් පහතින්.
උල්කාව වැටී තිබූ ජායාරූප පහතින්.
-සම්බන්ධිත පුවත්-
ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රාන්තයට වැටුණු උල්කාවඅක්කර දහයක පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති ඒවා බැලීමට අවට ගම් කිහිපයකම ජනතාව පැමිණ සිටි අතර එම උල්කා කැබලි ජලයේ පාවෙන බවයි ගම්වාසීන් පැවසුවේ.

(ජායාරූප ස්තූතිය: ගල්ගමුවේ සංජීව රත්නායක)
-සම්බන්ධිත පුවත්-
Put the internet to work for you.
Post a Comment