අධිවේගී මාර්ගයේ සනත්ගේ රිය අනතුරේ නුදුටු පැත්ත

සනත් ජයසූරිය ගමන්ගත් ඔහුගේ SUV වර්ගයේ මෝටර් රථය පසුගිය දෙසැම්බර් දෙවනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රාත්‍රී දෙකට පමණ අනතුරකට මුහුණ පෑමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුනි. 

සනත් ජයසූරිය පැමිණි මෝටර් රථය වෙනත් මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී වල් ඌරෙකු පැනීම හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිවීගොස් ඇත.

එම රිය අනතුරෙන් සතියකට පසුව මෙම අනාවරණයෙන් අප හෙලිකරනුයේ සනත් ජයසූරිය එදින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිය රථයෙන් එහි නියමිත වේග සීමාව ඉක්මවා පැමිණි ඇතිබවයි. 

අප වෙත තහවුරු වී ඇති පරිදි සනත් ජයසූරිය පැමිණි වාහනය පැයට කිලෝමීටර 160 ක වේගයෙන් පැමිණ ඇත. එම වේගයෙන් වාහනය වල් ඌරාගේ ඇඟේ හැපීමත් සමග වල් ඌරාගේ සිරුර දෙකඩ වීගොස් තිබේ. 

ඌරාගේ සිරුරේ කොටස් මීටර් සියයකටත් එපිටට එම අනතුරෙන් පසුව විසිවී ගොස් තිබේ. පොලිසිය පැමිණීමෙන් අනතුරුව පොලීසිය විසින් සනත් ජයසූරිය සඳහා වෙනත් රථයක් ගෙන්වා ඔහුව එහි නංවා කොළඹට පිටත් කර ඇත. රිය අනතුරෙන් දෙකඩ වූ ඌරා වල දමා ද නැත. ඌට සිදුවූ දෙයක්ද නැත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment