අඟහරුගේ තිබූ ජලය පිරි විලක් කියුරියෝසිටි සොයාගනී

අඟහරු මත ජීවය සොයමින් සිටිනා කියුරියෝසිටි මඟින් දින 279කට පසු වැදගත් තොරතුරක් පසුගියදා ලැබුණා.

ඒ මීට වසර බිලියන 3.6කට පෙර අඟහරු මත ජලය පිරී තිබූ විලක් හමුවීමයි.

අඟහරුගේ පිහිටි කිලෝමීටර් 150ක් පලල ගේල් ආවාටයේ වූ පාෂානයක් සිදුරුකිරීම මඟින් මෙය සොයාගන ඇති අතර එම විලේ තිබූ ජලය කාබන්, හයිඩ්‍රජන්ම්, ඔක්සිජන්, නයිට්‍රජන් හා සල්ෆර් වලින් යුක්ත වූ බවට සාධක ලැබී තිබේ.


මේ පිළිබඳව කියුරියෝසිටි පරීක්ෂණ කණ්ඩායමේ මහාචාර්ය සජීව් චන්ද්‍රගුප්තා පවසන්නේ මෙතෙක් කලක් අඟහරු මත කිසිදු ජීවයක් සොයාගැනීමට නොහැකි වුවද මෙම සොයාගැනීම ඉතා වැදගත් සොයාගැනීමක් බවයි.

"ඒ කියන්නේ වසර බිලියන ගානකට කලින් අඟහරු මත කුඩා ක්ෂුද්‍රජීවීන් ඉඳලා තියනවා. ඒ නිසා අඟහරු මත ජීවයක් තිබුණාදැයි සෙවීම කියන එක තාවකාලිකව නවතා තවත් පාෂාන පරීක්ෂා කිරීමට දැන් අපිට පුළුවන්".

අඟහරුගේ ජීවයක් සෙවීමේ පලමු පියවර සඳහ පසුගියදා ඉන්දියාව විසින් මංගල්‍යයාන් නම් චන්ද්‍රිකාවක් යැවූ අතර තවමත් එය අඟහරු වෙත ගමන්කරමින් පවතී.

අඟහරු මත පිරමීඩයක්.
අඟහරු මත පිරමීඩයක් පවතින බව පසුගියදා ඇතැම් මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණා. පාද 3කින් යුත් යුත් එම පිරමීඩය පවතින අයුරු බැලූමට අඟහරුගේ පහත ජායාරූප වලින් හැකිය
Link 01 | Link 02

අත්ලාන්තික් සාගරයේ හා Area 51 ප්‍රදේශයේ පිරමීඩ තිබෙන බවට මීට පෙර අප හෙළිකළ ලිපි පහතින්.
අත්ලාන්තික් සාගරයෙන් පිරමීඩයක් හමුවෙයි
Area 51 වලින් පිරමීඩයක් හමුවෙයි.


අඟහරු මත වසර බිලියන 3.6කට පෙර මෙවැනි විලක් තිබෙන්නට ඇත.

ජලය තිබූ බවට සොයාගැනීම සඳහා සිදුරු කල පාෂානය

අඟහරුගේ ජීවයක් සොයනා කියුරියෝසිටි


අඟහරු මත පවතින පිරමීඩය

-සම්බන්ධිත පුවත්-
ඉන්දියාව අඟහරු අල්ලන දවස අදයි
අඟහරු මත ජීවයක් සොයාගැනීමට කියුරියෝසිටි ට බැරිවේ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment