ඉන්දියාවේ සමලිංගික සම්බන්ධතා තහනම්..ලංකාවේ?

ඉන්දියාවේ වසර 148ක් පැරණි යටත් විජිත නීතියෙහි 377 වන වගන්තියට අනුව සමලිංගික සම්බන්ධතා අස්වාභාවික අපරාධයක් ලෙස සැළකෙන අතර ඒ සඳහා වූ දඬුවම වන්නේ වසර 10ක සිර දඬුවමකි. 

නමුත් මෙම වගන්තිය 2009 වසරේදී දිල්ලි මහාධිකරණය විසින් සමලිංගික සම්බන්ධතා අපරාධකාරී ක්‍රියාවක් නොවන බවට තීන්දුවත් සමගින් සමලිංගික ක්‍රියා අපරාධයක් ලෙස සලකනු නොලැබීය. නමුත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මගින් 2009 දී ලබාදුන් එම තීන්දුව අවලංගු වී නැවතත් යටත් විජිත නීතිය බලාත්මක වී තිබේ. 

එහි 377 වගන්තිය මගින් ස්වභාවික ලිංගික හැසිරීම් වලින් පරිබාහිරව පිරිමියෙකු , පිරිමියෙකු සමග හෝ, ගැහැණියෙකු ගැහැණියෙකු සමගින් හෝ, දෙපාර්ශවයම සතුන් සමග ලිංගික ක්‍රියාවල යෙදීම වසර දහයක සිර දඬුවමක් ලබාදීමට තරම් ප්‍රබල වරදක් බව සඳහන් වේ. 

මෙම තීන්දුව ලබාදීම සමග සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යය නොවන සංවිධාන බලවත් ලෙස අසතුටට පත්ව ඇති අතර ඔවුන් එයට විරෝධය පලකොටද තිබුණි. 

ලෝකයේ සමලිංගික ප්‍රවනතාවය 
ඉන්දියාවේ සමලිංගික ක්‍රියාවන් නීති විරෝධී ක්‍රියාවක් වෙද්දී ඕස්ට්‍රේලියානු රජය විසින් එරට සමලිංගික ක්‍රියාවන් සඳහා නීත්‍යානුකුල අවසරය ලබාදෙන ලදී. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සම ලිංගික ආදරවන්තයන්, ආදරවන්තියන් නීත්‍යානුකූලව විවාහ වීම පසුගිය දා උත්සවශ්‍රීයෙන් ඇරඹින. 

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු සම ලිංගික විවාහය ලෙස බටහිර ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයෙකු වන ස්ටීවන් ඩෝසන් හා ඔහුගේ සහකරු ඩෙනිස් ලිඩ්ල්ලෝව් අතර විවාහය පසුගිය සෙනසුරාදා (07) වන දින සිදුවිය. 

එහිදී ස්ටීවන් මන්ත්‍රීවරයා අමතා, ඔබ විවාහක සැමියා ලෙස ඔබේ සහකරු ගේ දුකේදීත්, සැපේදීත්, ලෙඩ දුක් වලදී හා නිරෝගීබවේදීත් දිවිතිබෙන තුරු එක්ව සිටින්නට පොරොන්දු වූ එම දෙපොල මුදු හුවමාරු කොට දෙතොල් සිප ගැනීමද සිදුකළේය. 

2013 සමලිංගික විවාහ පනත යටතේ ඔවුන්ගේ විවාහය නීත්‍යනුකුල එකකි.
ලංකාවේ තත්වය 
ලිංගික ආශාවන් ඇතිවීම ස්වාභාවික කරුණකි. සංස්‌කෘතිය මගින් සිද්ධ වන්නේ ඒ ආවේගයන් සමාජ පැවැත්මට හිතකර පරිදි පාලනය කිරීමය. ලංකාවේ මෙම තත්වය වැඩිය. සාමන්‍යය සමාජ සම්මතය වනුයේ මිනිසෙකු සිය ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරේ ආකර්ෂණය වීමයි. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල එයට පිටින් යන සම්බන්ධතා සමාජය තුල පිළිගැනීමට ලක්වන්නේ නැත. නමුත් බටහිර සමාජය තුල එය පිළිගැනීමට ලක්වන්නේ සමලිංගික හන්ගීම් මිනිසුන් උපතින් ගෙනා ජීව විද්‍යාත්මක තත්වයන් ලෙසින් සැලකීම නිසාවෙනි. 

පසුගියදා ගාල්ල ඉමදුව ප්‍රදේශයේදී හමුදාවෙන් පැන ආ සෙබලියන් දෙදෙනෙකු එකට දීග කෑ පුවතක් වාර්තා විය. ලිංගික සම්බන්ධතා වලට එහා ගිය ආදරයක් එම සෙබලියන් අතර තිබූ බව ඔවුන්ගේ හැසිරීමෙන් පොලිසියටද තේරුම් ගොස් තිබුණි. 

සෙබලියන් දෙදෙනා ඔවුන් දෙදෙනා වෙන් නොකරන මෙන් හඬා වැටෙමින් පොලිසියේදී බැගෑපත් වී තිබුණි. ලංකාවේ සංඛ්‍යාලේඛන බැලූ කල සමලිංගික චරියාවන් දිනෙන් දින ඉහල යන බවක් පෙන්නුම් කරයි. 

ලංකාවේ සමලිංගිකත්වයේ ඇති ගැටලුව වන්නේ වෙනත් රටවල මෙන් නොව සමලිංගිකත්වයට කෘතිමව ඇබ්බැහි කිරීමට සමාජයේ ඇතැම් පුද්ගලයන් උත්සාහ කිරීමය. එය හුදෙක්ම රාජ්‍යය නොවන සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපක්‍රමය. එවැනි අවස්ථා බොහෝමයක් පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ලැබුණි. 

ශ්‍රී ලංකාවේ සමලිංගික ක්‍රියාවලියේ යෙදෙන පුද්ගලයන් 8,500ක් පමණ සිටින බව ඒඩ්ස් මර්දන ව්‍යාපාරය මෑතදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment