පුස්තකාල සහයකව සිටි මහින්ද ජනපති වන බව කියූ අනාවැකිය

"වාසනාවන්ත ළමයෙක්..ඔය ඉලන්දාරියා අනාගතයේදී රජ වෙනවා"

එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් සිදුකල පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි එකල එම විශ්ව විද්‍යාලයේම පුස්තකාල සහායක ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ අනාගතයේ ජනපතිවන බව කියූ අනාවැකියක් පිළිබඳව හෙළිකොට තිබේ. 

එම අනාවකියා පවසා ඇත්තේ වැලිවිටිය සෝරත නායක හාමුදුරුවන් විසිනි. 

එම සිදුවීම මේධානන්ද හිමියන් විසින් විස්තරකොට තිබුනේ මෙලෙසිනි.

"වැලිවිටිය සෝරත නායක හාමුදුරුවෝ ඒ කාලයේ වැඩ සිටියේ විද්‍යෝදයේ..දවසක් මම විද්‍යෝදය පිරිවෙනට ගිහින් සෝරත නායක හාමුදුරුවන් වැඩ වසන කුටිය ලඟින් පන්තියට යන්න හදනකොට උන්වහන්සේ මට කතා කළා..අපි උන්වහන්සේට හරිම බයයි..ඒ වගේම විශාල ගෞරවයක් තිබ්බා..

උන්වහන්සේ මහා පඬිවරයෙක් නේ..මම කාමරය ඇතුලට ගියා...ඒ වෙලාවේ උන්වහන්සේ ගිලන්පස වලඳමින් සිටියේ..මටත් උන්වහන්සේ කිතුල් පැණියි තේ කහටයි දීල කිව්වා..තමුසේ උපදම්පදාවට ප්‍රබන්ධයක් ලීවා නේද ? කියලා..මම එහෙයි කියල කිව්වා.."ඒක ප්‍රබන්ධයක් ද පරබන්ධයක් ද?" පර බන්ධයක් කියන්නේ අනුන් කරපු එකක් කියන එකයි..මම නැහැ කිව්වා..ඒ වෙලාවේ උන්වහන්සේ මගේ දිහා බලල කියලා "තමුසේ මහා පණ්ඩිතයෙක් වෙනවා කියලා.."

මේ සිද්ධිය වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා සෝරත නායක හාමුදුරුවන්ගේ කුටිය ඉස්සරහින් ගියා..."ආන් අර ඉලන්දාරියා දැක්කද?..මමත් එහෙමයි හාමුදුරුවනේ කිව්වා..."වාසනාවන්ත ළමයෙක්..ඔය ඉලන්දාරියා අනාගතයේදී රජ වෙනවා" කියල සෝරත හම්දුරුවෝ කිව්වා..

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment