මර්වින්ට වැදුණු විෂ්ණු දෙවියන්ගේ සාපය

රටට හා ජනාධිපතිවරයාට සෙත් පතා අමාත්‍යය මර්වින් සිල්වා විසින් මෙයට වසර ගණනාවකට ප්‍රථම කැලණියේ ශී‍්‍ර උත්පලවර්ණ නමින් විෂ්ණු දෙවොලක් ඉදි කළේය. 

මෙම විෂ්ණු දේවාලය සඳහා මර්වින් ඉන්දියාවේ සිට විෂ්ණු දෙවියන්ගේ විශේෂිත පිළිමයක් ද මෙරටට ගෙනවිත් තිබුණි. 

දෙවොල ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ප්‍රධාන ජෝතිර්වේදියා ලෙස කටයුතු කරනු ලැබුවේ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාරය. දෙවොල ආරම්භකොට ටික කලකට පසුව මර්වින් සිල්වා විසින් එම දෙවොල භාවිතා කලේ ඔහුගේ කළු සල්ලි සුදු කරගැනීමේ මාර්ගයක් ලෙසය. 

කෙසේ නමුත් මේ වනවිට මර්වින් සිල්වාට මුහුණපෑමට ඇති සියලු කරද අන්කිසිවක් නිසා නොව විෂ්ණු දෙවියන්ගේ සාපය ඔහුට වැදීම හේතුවෙන් නිසා බව ඔහුගේ ජෝතිෂ්‍යය උපදේශකයන් විසින් මර්වින් සිල්වාට පවසා ඇත. 

එම සාපයෙන් ගැලවීමට නම් කෝවිලෙහි වෙනස්කම් කිහිපයක් සිදු කල යුතු බව ජෝතිෂ්‍ය උපදේශකවරයා විසින් පවසා ඇත. නමුත් එම වෙනස්කම් සිදු කල යුත්තේ පිරිසිදුව උපයාගත් මුදලින් පමණක් බවත් ඔහුට උපදෙස් ලැබී ඇත. 

කෙතරම් ධනය ඇතත් මර්වින් සතුව පිරිසිදු ධනයක් නොමැති හෙයින් කෝවිල ගොඩනැගීම සඳහා ආධාර රැස්කිරීමට මර්වින් සිල්වා තීරණය කොට ඇත. ඒ අනුව ඔහු මෙයට සති කිහිපයකට ප්‍රථම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ගොස් දේවාලය සැදීම සඳහා ආධාරයක් ඉල්ලා තිබුණි.




IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment