රැඟුම් පාලක මණ්ඩලය පුස්වෙඩිල්ල කපයි

ලංකාවේ ජනප්‍රිය ප්‍රහසන නාට්‍යය නිර්මාණයක් වූ "පුස්වෙඩිල්ල" නාට්‍යය මාලාවේ නවතම නාට්‍යය වන "පුස්වෙඩිල්ල Commonwealth summit 4.1" නාට්‍යය රඟ දැක්වීම රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම්කොට තිබුණි. 

එය ප්‍රථම වරට රඟ දැක්වීමට නියමිතව තිබුනේ පසුගිය නොවැම්බර් මස තිස් වනදා මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවේදීය.

මහජන ප්‍රදර්ශනයට ප්‍රථම නාට්‍යයේ පිටපත රැඟුම් පාලක මණ්ඩලයට එහි පිටපත ලබාදුන් අවස්ථාවේ එහි ඇති ඇතැම් කරුණු හේතුවෙන් එය මහජන ප්‍රදර්ශනයට ඉඩ තැබිය නොහැකි බව රැඟුම් පාලක මණ්ඩලයෙන් දන්වා තිබුණි. 


ඔවුන්ගේ ප්‍රධාන විරෝධය එල්ලවී තිබුනේ එම නාට්‍යයෙන් පොදු රාජ්‍යය මණ්ඩල සමුළුව හාස්‍යයට ලක් කිරීමත් ඉන්දියාව සම්බන්ධ කොට තිබු දෙබසක් ද හේතුවෙනි. 

එම නාට්‍යයේ පුස්වෙඩිල්ල විසින් මනමෝහන් සිං වෙත දුරකථන ඇමතුමක් ගෙන ලංකා මුහුදු තීරයේ ඉන්දියානු ධීවරයන්ට මසුන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් හොරකම කෙසේ කලත් හොරකම යනුවෙන් පවසන අතර එයට පිළිතුරු වශයෙන් බැගෑපත් වන මනමෝහන් සිං ට පුස් වෙඩිල්ල පවසන්නේ ඉන්දියාවෙන් නොමිලේ සාරි ලබා දෙනවානම් ලංකා මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ඉඩ දිය හැකි බවය. 

එම නාට්‍ය ප්‍රදර්ශන කිරීම වාරණය කිරීම හේතුවෙන් එහි නළුවන් එදින වේදිකාවේ බිම වාඩිවී එයට විරෝධය දැක්වූ අතර එහි පිටපත් රචක Feroz Kamardeen විසින් පහත නිවේදනය සිදු කරන ලදී. 

පුස් වෙඩිල්ල නැවතත් එනවා..අපි වැටෙන්නේ නැහැ..අපට ව්‍යවස්ථානුකුලව ලැබී ඇති අපේ භාෂණයේ නිදහස මින් ඉදිරියටත් අප භාවිතා කරනවා.. 


පුස් වෙඩිල්ල තුන්වන කොටස නරඹා ඇතිතරම් විනෝද වූ , පුස් වෙදිල්ලගේ විශාල රසිකයෙකු වූ ජනපතිවරයා මෙම තහනම් ආරංචි වී එහි පිටපත් රචකයාට තහනම් කොට එහි තහනමට තමා එකඟ නොවන බවත් ,තමාද පුස් වෙඩිල්ලගේ විශාල රසිකයෙකු බවත් , පුස් වෙඩිල්ල අළුත් නාට්‍යය මාලාව රඟ දැක්වීමට කිසිදු තහනමක් නැතැයිද ද දන්වා තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment