දිනකට යතුරු පැදි 700ක් පාරට

දිනකට යතුරු පැදි හත්සියයකට අධික සංඛ්‍යාවක් අලුතින් මහපාරට පැමිණෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්.එම්.හරිස්චන්ද්‍ර මහතා සිළුමිණට කීය. ‍ෙම් වසරේ ද නොවැම්බර් මස අවසානය දක්වා යතුරු පැදි 155242ක් අලුතින් ලියාපදිංචි වී ඇති බවත් පසුගිය වසරේ පමණක් අලුතින් යතුරු පැදි 192284ක් ලියාපදිංචි වී ඇති බවත් ඒ මහතා කීය.

2011 වසරේදී යතුරු පැදි 253331ක් අලුතින් පාරට පැමිණ ඇත. 2010 වසරේදී පාරට පැමිණි යතුරු පැදි සංඛ්‍යාව 204811 කි.

2012 වසර අවසන් වන විට මෙරට මහා මාර්ගයේ යතුරු පැදි 2546447ක් ධාවනයේ යෙදී ඇති අතර බොහොමයක් යතුරු පැදි අනතුරු සිදුව ඇත්තේ වැරැදි පැත්තෙන් ඉස්සර කිරීම ඇතුළු නොසැලකිලිමත් අයුරින් පැදවීම නිසා බව පෙන්වා දෙන ප්‍රවාහන විශේෂඥයන් ජාතික මට්ටමින් යතුරු පැදිකරුවන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment