ලග්න නවයකට නව වසරේ මල්ල කරේ - Astrologer Manjula Peiris


2014 වසරේ වෘෂභ, තුලා, වාශ්වික, ධනු, කුම්භ, මිථුන, මීන, සිංහ, මකර ලග්න හිමියන්ට ලොතරැයි වාසනා, විභාග ජය, ක්ෂණික ධන ලාභ, උසස් අධ්‍යාපන, ඉහළ විභාග ප්‍රතිඵල, රැකියා උස්සවීම් ආදිය ලැබෙන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මංජුල පීරිස් මහතා පවසයි.

මේෂ - ලොතරැයි ජයක් වැනි විභාග ජයක්


මේෂ ලග්න හිමි ඔබට ලබන්නා වූ නව වසරේ ලැබෙන ධනය හරියාකාරව කළමනාකරණය කැරගත යුතුයි. රැකියාවේ පැවරෙන රාජකාරි දේවකාරියටත් වැඩි වගකීමෙන් නොකළොත් සතුරෝ ඔබට එරෙහි වෙති. කල්‍යාණ මිතු‍රකුගෙන් ඔහුගේ ප්‍රිය සම්භාෂණයකට ඇරැයුම් ලැබේ.

ඔබට මේ වසරේ ‍ලොතරැයි ලාභයක් හා සමාන සිදුවීමක් වෙන්නේ ඔබේ දුව, පුතා විභාග සමත්වීමයි. විදේශ අධ්‍යාපනයට යොමුවෙයි.

වෘෂභ - වීනස් දෙව්දුව ධන ලාභ දෙයි.


වසර ආරම්භයේ වීනස් දෙව්දුව භාග්‍යස්ථානයේය. ධනලාභ වැසි වසී. ව්‍යාපාර ඉහළ යයි. ලැබීමට තිබෙනවා නම් ණය මුදල් නොසිතූ ලෙස ලැබේ. ව්‍යාපාර දියුණුව ලැබේ. රැකියාවේ උසස්වීම්, බලාපොරොත්තු වාහන නව රැකියා ලාභ ද පෙන්වයි. වසර පුරා දිව පිනවීමට හොඳ රස බොජුන් ලැබේ. සාප්පු සවාරි එමටයි. සතුරන් මිතුරු වේ. ආදර බන්ධන ඇතිකරයි. ප්‍රේමයෙන් සිත උතුරා යයි. පිටරට විනෝද ගමන් යෙදේ. මංගල ඇරැයුම් ලැබේ. ප්‍රභූ ඇසුර ඇතිවේ. ඉගෙනීමට ඉතා හොඳ වසරකි.

මිථුන -රවි සඳු එක්ව ක්ෂණික වාසි රැසක් සමඟ ජය


වසර ආරම්භයේ රවි සඳු බුද එක්ව ක්ෂණික ධන ලාභ ලැබේ. නමුත් ලැබෙන දේ පරිස්සම් කරගත්තේ නැති නම් ඒ ධනය වහා සුන් වී යයි. අයට වඩා වැය ඉහළට යන නිසා අතේ තිබෙන මුදල් මදිකමට නිශ්චල ධනය ද සෙලවීමට සිදුවෙයි.

තමාට තිබෙන තත්ත්වය රැකගැනීමට වෙහෙසක් දැරීමට සිදුවෙයි. සතුරන් ඇතිවේ. ඔවුන් සමඟ වාදයට නොයා යුතු වසරකි. ගමන් බිමන් බහුල වසරකි. පවුලක් වශයෙන් ගමන් බිමන් ‍යනවා නම් ප්‍රවේශම් වන්න. උගත් දේ ප්‍රයෝජනයට ගත හැකි වසරකි. නව ඉගෙනීමක් ලැබිය හැකි වසරකි. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා යන්න මේ වසරට හොඳින් ඔබට ගැළපේ.

කටක - ධන ලාභ අඩු වසරක්. ස්ත්‍රී පක්ෂයේ උදව්


වසර ආරම්භයේ ලග්නාධිපති සඳු රවි හා බුද සමඟ ධනු රැසට පිවිසේ. තැන්පත් ධනය සෙලවේ. උනන්දුව උත්සාහය නැතිනම් ව්‍යාපාර වැටේ. ධන ලාභ, ලොතරැයි ජය පිළිබඳ සිතීමට බැරිය. රැකියා කටයුතුවලට කරදර ඇතිවේ. රැකියාවට යන්න මැළි බවක් දක්වන වසරකි. සමහර විට තමාගේ මිතුරු කැල නැතිවී යන ආකාරයට රැකියාවේ වෙනසක් ඇතිවීමට ඉඩ ඇත.

ඇත්ත කතා කිරීමට ගොස් පැත්තට වීසිවීමට පුළුවන් බැවින් කට ප්‍රවේශම් කරගන්න. මේ අතරේ උසස් පුද්ගලයකුගෙන් උදව් ලැබේ. ස්ත්‍රීන්ගේ උදව් වසර පුරාවට ලැබේ. අරපිරිමැස්ම හා පරිස්සම ගැන හොඳට මතක තබා ගත යුතු වසරකි. වසර පුරාවට ආගමානුකූල කටයුතුවල නිරත වන්න. එය ඉතාම ස්ථානෝචිත ක්‍රියාවකි.

සිංහ - ව්‍යාපාර දියුණු වී ධන ලාභ ලැබේ.


වසර ඇරඹෙන්නේ රවි බුද සඳු පුත්‍රස්ථානයේ ගෝචර වන විටය.

වතුපිටිවලින් සරුවේ. තනතුරු ලාභ ව්‍යාපාර දියුණුව සැලසේ. ධන ලාභ ලැබේ. කර්මාන්ත බලාසිටියදී දියුණු වේ. රැකියා දියුණුව සැලසේ. අහිමි වූ රැකියා යළි ලැබී උසස් තනතුරුවල වාඩිවීමට අවස්ථාව සැලසේ. ඒ තුළින් තම දක්ෂතා එළිදැක්වීමට අවස්ථා ලැබේ. සැනසිල්ල ලැබෙන වසරකි.

උත්සවවලට සහභාගිවීමට අවස්ථාව ලැබේ. ගෙදර ප්‍රිය ඇසුරක් ඇතිවේ. නැති නෑදෑයෝ ගෙදරට එති. දරුවන්ගෙන් නිදහස් වීමට අවස්ථාව ලැබේ.

ගෙවල් දොරවල් දායාද සහිතයි. ගේදොර ඇත්නම් ඒවා අලුත්වැඩියා කරයි. උසස් බඩුමුට්ටු ගෙදරට ගෙන එයි. ආගමික කටයුතුවල නිරත වේ. එයින් මානසික සුවයක් ලබයි. පිටරට ගමන් යෙදේ. උසස් අධ්‍යාපනයට ද ඉතා සුබයි.

කන්‍යා - විභාග ජය, ඉඩම් ලාභ


වසර ආරම්භ වන්නේ ලග්නාධිපති පළමු කේන්ද්‍රස්ථානයේ ගෝචර වෙමින්ය. උත්සාහවන්තයා ජය ගන්නා වසරක් කීවොත් එය නිවැරැදිය.

ඉතාම කල්පනාකාරීව ජීවත් විය යුතු වසරකි. නැතිනම් යම් යම් අපහසුතාවයන්වලට මුහුණ දීමට සිදුවේ.

වසර මැද ගුරු රජ වේ. ගුරු මහ දශා ගෙවන අයට ඉතා සුබයි. රජයේ පැසසුමට ලක්වේ.

ස්ත්‍රීන් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලයකි. රෝග පීඩා ගෙන දීමට පුළුවන් බැවින් ඉක්මන්කාරකම අඩුකර තම කටයුතුවල නිරත වන්න. විභාග ජය ගැනීමට පුළුවන. අලුත් ගෙවල් හැදීමට සිත යෙදේ.

තුලා - නොසිතූ ලාභ සමඟ පිටරට යන්න වරම්


සිකුරු 4 වැන්නේ බලවත්ව වසර ඇරඹේ.

ලැබීම අතින් ඉතා සුබයි. පිටරට යන්න හොඳම වරම් ලැබේ. නොසිතූ ධන ලාභ ලැබේ. නව ව්‍යාපාර ආරම්භ වීමට පියවර ගනී.

මානසික සුවය ලැබෙන වසරකි. උසස් පුද්ගලයන්ගේ ඇසුර ඇතිවේ. ඒ අයගේ හෝ වෙනත් අයගේ බෝධි පූජා, දාන පාරමිතාවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. එයින් සහනයක් ලබා ගනී. ගෙදරින් පිට වැඩිපුර කාලය ගතකෙරේ.

වෙනදාට වඩා දේව භක්තිය වැඩිවේ. අගෝස්තුවලින් පසුව ලොකු සහනයක් ලැබේ. ඉගෙනගැනීමට ඉතා සුබදායී වසරකි.

වෘශ්වික - රැකියා ලාභ, උසස් වීම් සමඟ ක්ෂණික වාසනා


වසර ආරම්භයේ ග්‍රහ ලොවේ සෙන්පති රෝමයේ යුද දෙවි 11 වැන්නට එයි.

ව්‍යාපාර කරන අය ඉතා කල්පනාකාරී විය යුතුයි. සතුරු බල වැඩිවේ. දුර දිග නොබලා කටයුතු කිරීමෙන් පාඩුපිට පාඩු සිදුවීමට පුළුවන.

රැකියා කරන අයට තනතුරු ලාභ උසස්වීම් හා ධන ලාභ හිමිය.

දුරදිග නොබලා කටයුතු කළොත් ප්‍රශ්න ඇති වීමට පුළුවන.

මංගල කටයුතුවලට ඉතාම සුබයි. කාර්මික අංශයේ කටයුතුවල නිරත අයට ද සුබපල ඇති කරයි.

ධනු - ලොතරැයි ජය - සමඟ සරු අස්වැන්න


වසර ඇරඹෙන්නේ ලග්නාධිපති ගුරු විවාහ ස්ථානයේ (7) වැන්නේ ගෝචර වෙමින්ය.

ලොතරැයි ලාභ හිමිය. දියුණුවට කටයුතු සැලසේ. ගොවියාට පොළොවෙන් සරුඵල ලබා ගැනීමට මං පෑදේ.

තනතුරු ලාභ හා ධනය ලැබේ. රැකියා උසස්වීම් ලැබේ. නිවාස තැනීම්, පොත් ලිවීම්, ගස් වැවීම්, වැනි දේවලට මේ වසර සුබයි. වගකීම් බහුල වේ. තම මවුපියන්ට උදවු කරන්න හොඳම වසරයි. ආදරය මෝරයි. ප්‍රේම සම්බන්ධ ඇති කරන කාලයකි. උත්සවවලට සහභාගිවීමට අවස්ථා ලැබේ. වසර පුරා විනෝද වීමට අවස්ථා ලැබේ. මොන විදියෙන් හෝ ධනය රැස්කිරීමට සිතයි.

මකර - වතුපිටි ඇති අයට අස්වැන්නෙන් ලාභ


නව වසර ඇරඹෙන්නේ ලග්නාධිපති සෙනසුරු රාහු සම කර්මස්ථානයේ හැසිරෙන විටය.

තිබෙන දේ ලැබෙන දේ ආරක්ෂා කරගත යුතුය. වතුපිටි ඇති අයට නම් සරුසාරය. ධන ලාබ ලැබේ. නව රැකියා ලාබ ලැබේ.

තිබුණ ගෞරවය රැකගන්න. දෙපාරක් දෙයක් කරන විට සිතන්න. උසස් අය ඇසුරු කරන විට ප්‍රවේශම් වන්න.

සැමදාම හෝටලයක ඉන්නවා සේ දැනේ. කටට රසට කෑම බීම ලැබේ. මේ අතරේ සතුරෝ අතින් සමහර තැන්වලදී ඔබේ ගුණධර්ම පිරිහී යයි.

කුම්භ - ලොතරැයි ජය හා ධන ලාභ


වසර ආරම්භ වන්නේ ලග්නාධිපති ශනි රාහු සමඟ පුණ්‍යස්ථානයේ ගෝචර වෙමින්ය.

ව්‍යාපාරවලට ඉතා සුබයි. දේපළ වෙළඳාම් වලට කදිම වසරකි. රැකියාවල නිරත අයට උසස්වීම් ලැබේ.

නව රැකියා හා ධන ලාභ ලැබේ. දෙයක් වෙනුවෙන් උත්සාහ ගන්නා අතර බලාපොරොත්තු තරමට ප්‍රතිඵල ලැබේ.‍

ඊර්ෂ්‍යාකාරයෝ වැඩිවෙන වසරක් නිසා ඉතාම කල්පනාකාරී වන්න. ගුරුවරුන්ට ඉතාම සුබ කාලයකි. ලොතරැයි ලාබ ලැබේ. ලැබීම නිසා දුර බැහැර ගමන් බිමන් යෑමට සිතයි. සුරතල් සතුන් ඇතිකරන අයට ද සුබයි. ඉගෙන ගන්නා අයට ඉතා හොඳ කාලයකි.

මීන - රැකියා ලාභ හා උරුමයට හිමි ධනය ලැබේ.

වසර ඇරඹෙන්නේ ලග්නාධිපති ගුරු 4 වැන්නේ ගෝචර වෙමිනි.

රජයේ රැකියා කරන අයට ඉතා සුබයි. තනතුරු ලාබ ලැබේ. කැලෑබද ප්‍රදේශවලට වාසය කරන අයට ඉතා සුබයි. නව රැකියා ලැබීම් පෙන්වන වසරකි.

පියා සතු උරුම ධනය ලැබෙන වසරකි.

නව ඉගෙනීමට යොමුවන වසරක් බව පෙනේ. ඔබට තරග විභාග තිබුණා නම් ඒවායෙන් ජය ලැබේ.



1. තවත් 2014 වසරේ ලග්න පලාපල විස්තර මෙතනින් බලන්න
2. 2014 වසරේ පලා පල ලිත මෙතනින් බලන්න

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment