CHOGM අස්සේ ජනතා විරෝධය

CHOGM අස්සේ ජනතා විරෝධය


පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුව අතරවාරයේදි ජනතාව මුහුණ පාන ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමට වැඩ පිළිවෙලක් සකස් කිරිමට බලාපොරොත්තු වන බව,නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.




ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව ප්‍රකාශ කලා.එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,නොවැම්බර් 13 වනදා දහවල් කාලයේ සිට ප්‍රදර්ශනයන් සහිත කතිකාවල් සහිත වැඩපිළිවෙලක් සකස් කිරිමට සිය පක්ෂය සුදානම් බවයි. ඉන්පසු 14 වන දින ඒ ප්‍රශ්න සියල්ලක්ම ජනතාවගේ මැදිහත් විම මත නිදහස් චතුරස්‍රය තුළදි දැඩි ක්‍රියාමාර්ගයකට පෙළඹෙන බව ඒ මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියා.අධ්‍යාපනය පිළිබද ප්‍රශ්න ක්‍රියාත්මක වන සංවිධාන වලට සහ විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩලයට,වෘත්තිය සමිති වලට මේ රටේ ඇත්ත තත්වය පෙන්විම සදහා සහභාගි වන ලෙස ඉල්ලිමක්ද කරන බව කරුණාරත්න වික්‍රමබාහු මහතා මෙහිදි අවධාරණය කර සිටියා.



Post a Comment