දක්ෂිණ අධිවේගී මාර්ගයට අලුතින් එන HTMS පද්ධතිය

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාරගයේ පසුගිය කාලය පුරාවට පසුගිය කාලය පුරාවට අසුනේ අධිවේගී මාර්ගයක් සම්බන්ධව වාර්තා විය යුතු පුවත් නොවේ. 

බීමත් පුද්ගලයෙකු යතුරු පැදියකින් අධිවේගී මාරගයේ විරුද්ධ දිශාවට ගමන් කිරීම, දක්ෂිණ අධිවේගී මාරගයේ දකුණුපස මංතිරුව දිගින් දිගටම භාවිතා කරමින් අන් ඇයට අවහිර වන සේ රිය පැදවීම ඒ අතර ප්‍රධාන වේ. 

පසුගිය සතිය තුල අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන දෙකක්ම්ම ලිස්සා ගොස් තිබුණි. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන මෙවන් සිදුවීම් අවම කරගැනීම සඳහා අධිවේගී මාර්ගයේ රථවාහන පරිපාලන පද්ධතියක් (highway traffic management system) ස්ථාපනය කිරීමට මිට්ෂුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රිස් සමාගම ජපාන රජයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් වී ඇත. 

ජපාන රජය අනුග්‍රහය දක්වන මෙම ව්‍යාපෘතිය මිට්ෂුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රිස් සමාගම විසින් සිදු කරන පළමු රථ වාහන පරිපාලන පද්ධතියද වේ. මෙම පද්ධතිය 2014 වසර අවසාන වන විට ස්ථාපිත කිරීමට නියමිතය. 

මෙම පද්ධතියට 
  • පැය 24 පුරා දිස්වෙන / වෙනස් කල හැකි ඩිජිටල් නාම පුවරු 
  • වාහන හඳුනා ගැනීමේ කැමරා 
  • කාලගුණ සංවේදක 
  • සි.සී.ටී.වී කැමරා පද්ධතියක් 
  • මධ්‍යගත පරිගණක පද්ධතියක් 
යන උපාංග අනතර්ගත වේ. intelligent transportation system (ITS)යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන මෙය මගින් කාලගුණයේ සිදුවන වෙනස් හඳුනාගෙන අනතුරු විය හැකි අවස්ථා පිලිබඳ දැනුම් දීමටත් රථවාහන තද බදය පරිපාලනය අවම කිරීමට අවශ්‍යය දත්ත හුවමාරු කිරීම වැනි කර්තව්‍යන් ඉටුකරගත හැක.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment