එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ පවතින පලාත් පාලන ආයත 8ක අය වැය මේ වනවිට පරාජය වී තිබෙනවා.
පෑලියගොඩ නගර සභා අය වැය දෙවන වරටත් පරාජය වූ අතර ඒ සමඟම එහි සභාපතිධූරය දැරූ නිහාල් ආනන්ද පෙරේරා හට සිය තනතුරද අහිමි විය.
මේ අතර කැස්බෑව නගර සභාවට එහි සභාපත් ලක්ෂ්මන් පෙරේරා විසින් ඉදිරිපත් කළ අයවැයද පෙරේදා වැඩි ජන්ද 2කින් පරාද විය.
පසුගිය කාලය පුරාවටම එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ පවතින පලාත් පාලන කිහිපයකම අය වැය මෙලෙස පරාජයට පත්වූයේ එම ආයත වල බහුතරය ආණ්ඩු පක්ෂයට තිබියදීය.
රාජාංගනය ප්‍රාදේශීය සභාවේ අය වැය ද දෙවරක්ම පරාජය වීම හේතුවෙන් සභාපතිවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වූවාසේ සැලකීමට පලාත්පාලන කොමසාරිස්වරිය තීරණය කරන ලදි.
ඔහු එම පසුගිය නොවැම්බර් මස 21 වැනිදා දෙවැනි වරටත් සභාවට ඉදිරිපත් කළ අතර එම අවස්‌ථාවේ පැවැති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත් විය.
අය වැය පරාජයට පත්වූ අනෙකුත් පලාත් පාලන ආයතන මෙසේය
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව
විපක්ෂව 7යි, පක්ෂව 6යි
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව
විපක්ෂව 10, පක්ෂව 2යි
අලව්ව ප්‍රාදේශීය සභාව
විපක්ෂව 7යි, පක්ෂව 4යි
මීරිගම ප්‍රාදේශීය සභාව
විපක්ෂව 21යි, පක්ෂව 1යි
වත්තල ප්‍රාදේශීය සභාව
විපක්ෂව 11යි, පක්ෂව 8යි
ආණ්ඩු පක්ෂයේ බහුතරය ඇති පලාත් පාලන ආයත වල අය වැය එලෙස පරාජය වෙද්දී එක්සත් ජාතික පක්ෂයා පාලනය කරන බණ්ඩාරවෙල නගර සභාවේ අය වැය ඒකච්ජන්දයෙන් සම්මතවීමද විශේෂත්වයක්.
මෙලෙස අය වැය පරාජය වීමට එම පලාත් පාලන ආයතන වල සභාපතිවරුන් හා අනෙක් මංත්‍රීවරුන් අතර ඇතු පුද්ගලික අමනාපකම් බලපෑ ඇති බවයි එ.ජ.නි.ස මහලේකම්වරයා පවසන්නේ.
මේ අතර වයඹ පළාත් සභාවේ අය-වැය පරාජය කිරීමට පළාත් සභා ඇමැතිවරුන් දෙදෙනකු හා පළාත් සභා මන්ත්‍රිවරුන් 12 දෙනකුගෙන් යුත් කල්ලියක් සූදානම් වන බවට පසුගියදා වාර්තා විය.
පසුගිය කාලයේදී වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර විසින් යෝජනා කරන ලද පළාත් සභා සභාපති ධුර අපේක්‍ෂකයා පරාජය කර ධර්මසිරි දසනායක මහතා එම ධුරයට පත්කිරීමට රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙළේද මේ කණ්ඩායමය.
14 කල්ලිය නමින් හඳුන්වන මේ කණ්ඩායම මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ රහසිගත සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවද පැවසේ.

Put the internet to work for you.
Post a Comment