වෘත්තීය සමිති රැසක් හෙට උද්ඝෝෂණයක

වෘත්තීය සමිති රැසක් හෙට උද්ඝෝෂණයක


අයවැයෙන් වැටුප් වැඩිකිරිම් හා ජනයාට සහන ලබා දෙනු යනුවෙන් විරෝධතා උද්ඝෝෂණය හෙට (05) සවස 3.00 ට කොටුව දුම්රිය පල ඉදිරිපිටදි පවත්වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.




එම එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ආණ්ඩුව විසින් නොවැම්බර් 21 වන දින ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙන් වැඩ කරන පංතියට හා සාමාන්‍ය ජනයාට සහන ලබාදෙන ලෙස ඉල්ලා මෙම විරෝධතා උද්ඝෝෂණය පවත්වන බවයි.

එම එකමුතුව විසින් මෙවර අයවැයෙන් ආණ්ඩුවෙන් කරනු ඉල්ලීම් මෙසේය.


රාජ්‍ය අංශ සේවක වැටුප අවම වශයෙන් රු. 10,000/- කින් වැඩි කරනු !

පෞද්ගලික අංශයට අවම රු. 5,000 /- ක අයවැය සහන දීමනාවක් ලබා දෙනු !

එකකයක් රු. 280/- ක් වන නිවැරදි ජීවන වියදම් දීමනාව ලබා දෙනු !

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 15,000/- ක් දක්වා වැඩි කරනු !

රජයේ සේවකයන්ට ලබාදී ඇති 20% ක් වූ දීමනා මූලික වැටුපට එකතු කරනු !

අග‍්‍රහාර රක්ෂණයෙන් රු. 100,000/- ක විශ‍්‍රාම පාරිතෝෂික දීමනාවක් ලබා දෙනු !

උත්සව අත්තිකාරම් දීමනාව රු. 10,000/-ක් දක්වා වැඩි කරනු !

දේශීය ධීවර ප‍්‍රජාව සඳහා සහන මිලට ඉන්ධන ලබා දෙනු !

දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට 6% ක් ද, සෞඛ්‍ය හා ප‍්‍රවාහනයට වැඩි ප‍්‍රතිපාදන ද වෙන් කරනු !

විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කරනු ! උපයන විට ගෙවීමේ බද්ධ අහෝසි කරනු ! වෘත්තීය සමිති මර්දනය නතර කරනු !

කම්කරු ප‍්‍රඥප්තිය කි‍්‍රයාත්මක කරනු ! පරිසර හිතකාමී ජාතකෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් සකසනු !

දින 180 සම්පූර්ණ කල අනියම්, ආදේශක හා කොන්ත‍්‍රාත් සේවකයන් ස්ථිර කරනු !

ටැරිෆ් ක‍්‍රමය සංශෝධනය කර විදුලි බිල අඩු කරනු !



Post a Comment