පොලිතීන් කවරයක කෑම ගෙනවා යැයි සිසුවාගේ කණ පලලා

පොලිතීන් කවරයක කෑම ගෙනවා යැයි සිසුවාගේ කණ පලලා


පසුගිය 1 දින අරලගංවිල,විලයාය මහ විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ගුරැවරයෙකුගෙන් කෲර ලෙස පහර කෑමෙන් පසු ප්‍රතිකාර සඳහා පොළොන්නරැව රෝහලට ඇතුලත් කර තිබේ.




වයස අවුරැදු 16 ක් වූ විමන්ත දිල්ෂාන් නැමති සිසුවා එදින පාසල් විවේක කාලයේදී නිවසින් ගෙනෙන ලද කෑම පාර්සලය දිග හැර අනුභව කරමින් සිටින අතර තුර එහි පැමිණි ආගම විෂය උගන්වන ගුරැවරයා පොලිතීන් කවරයක කෑම ඔතාගෙන පැමිණියේ ඇයි දැයි අසා උරණවී බැණ වැද සිසුවාගේ වම් කනට දැඩි අතුල් පහරක් එල්ල කර ඇත.


එයින් පසු වම් කනේ ඇතිවූ හෝ... හඬ හා ඇතිවූ අධික වේදනාව හේතුවෙන් පාසල අවසන පුද්ගලික වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නොලැබූ හෙයින් ක්‍රමක්‍රමයෙන් කනේආබාධිත තත්වය උත්සන්න වීමෙන් ඊයේ(3) පස්වරැවේ පොළොන්නරැව රෝහලේ උගුර ,කන ,නාසා ශල්‍ය වාට්ටුව‍ට ඇතුලත් කර තිබේ.


දරැවා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර ඇත්තේ දකුණු කනේ, කන් බෙරය හෙවත් කර්ණ පටහ පටලය පහර හේතුවෙන් සිදුරැවී ඇති බවයි.


ලක් පුවත්කළ විමසීමේදී වාට්ටුවේ හෙද නිළධාරීණියක් ප්‍රකාශ කළේ රෝගියා අද(4) පස්වරැවේ අධිකරණ වෛද්‍ය වරයා ගේ පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බවයි.


පොළොන්නරැව චන්දික



Post a Comment