බහ තෝරන කාලෙ ඉඳලම මම ආතල් එකේ ඉන්නෙ - මර්වින් සිල්වා

1.පාර්ලිමේන්තුව ඇතුළේ ආතල්ම එකේ ඉන්න ඇමැතිවරයා ඔබ කියලා කිව්වොත්...?
මෙහෙමයි පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි මම බහ තෝරන කාලේ ඉඳලාම ආතල් එකේ ඉන්නේ.

2.ඒත්... දැන් ඉස්සර තරම් ආතල් එකක් පේන්නේ නෑනේ ඇමැතිතුමා...?
එය අබමල් රේණුවක තරම්වත් වෙනස් වෙලා නැහැ. මැරෙන තුරා මම ඒක දිගටම පවත්වාගෙන යනවා.

3.ඒ කියන්නේ ආතල් එක නොකැඩී තියාගන්න මොකක් හරි රහස් පිළිවෙතත් අනුගමනය කරනවාද...?
මගේ ජීවිතේ කවදාවත් රහස් නැහැ. මම හැමදාමත් ආතල් එක තියාගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි මම හරියට බුදු දහමට ගරුකරනවා. ඒ වගේම ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබෙනවා. ආගමක් ගැන අවබෝධයක් තියෙනවා නම් මේ විශ්වයේ ජීවත්වුණු මිනිස්සු ගැන අවබෝධයක් තියෙනවානම් කවදාවත් අපිට ආතල් එක නැතිවෙන්නේ නැහැ.


4.ඇමැතිතුමාට පේන විදියට මේ රටේ මිනිස්සු ඉන්නේ ආතල් එකේද...?
ඒක මට කියන්න බැහැ. මට හිතෙන හා දැනෙන විදියට ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ආතල් එක ඇති කරගන්නෙත් මිනිස්සු නැතිකරගන්නෙත් මිනිස්සුමයි. මම ගැන බලලා මිනිහෙක් සතුටු වෙනවා නම් ඒක තමයි මගේ ආතල් එක. මම දිහා බලලා මිනිහෙක්ට හිනා වෙන්න පුළුවන් නම් ඒකත් මගේ ආතල් එක. ඒ වගේම තමන්ට තමන් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් තමන් හදාගන්න ඕන.

5.ඇමැතිතුමා මොන දේ කිව්වත්, ඒ දෙය ඉතා ඉක්මනට රට පුරා ව්‍යාප්ත වෙලා, ආන්දෝලනයක් ඇතිකරනවා... මේ වගේ කතා කියන්නේ ජනතාවට ආතල් දෙන්නද නැත්නම් ර්ඥඤඪච වලට ආතල් දෙන්නද?
මම කවදාවත් මාධ්‍ය පස්සේ යන්නේ නැහැ. මාධ්‍ය මාව හොයාගෙන එනවා. මාධ්‍ය මාව හොයාගෙන එද්දී මම කවදාවත් මඟහරින කෙනෙකුත් නෙවෙයි. මාධ්‍ය ආයතන මා දිහා බලලා මම කියන දේවල් අහලා සතුටක් ලබනවා නම් කාගේ හරි පත්තරයක් මං නිසා විකුණගන්න පුළුවන් නම් ඒක තමා මගේ සතුට. එයාලට මාව වටිනවා ඇතිනේ ඒ නිසානේ මම කියන දේවලට මේ තරම් වටිනාකමක් දෙන්නේ.

අනිත් එක මම නැතිදේ කියවන්නෙත් නැහැ. මම බෙලිඅත්තේ ඉපදුණ මිනිහෙක්. බෙල්අත්තේ ඉද්දීත් මම මේ විදියට තමයි. මැදමුලන ඉද්දිත් එහෙමයි. ඒ කාලේ ඉඳන් රාජපක්ෂ පවුල සමඟ මම බොහොම සමීපයි. මම එතුමා ගාව බිම ඉඳගන්න එක මට ලැජ්ජාවක් නැහැ. ඒ කාලෙත් මම එහෙමයි. දැනුත් එහෙමයි. එතුමාගේ ගාව බිම වැඩිවුණා කියලා මගේ බරේ වෙනසක් වෙන්නෙත් නැහැ මගේ හිතේ අඩුවක් වෙන්නෙත් නැහැ. මේ දේවල්වලින් තහවුරු වෙන්නේ මම කෙළෙහිගුණ දන්නා මිනිහෙක් කියන එකයි. කවුරුහරි මේ දේවල්වලින් මට අපහාස කරන්න හදනවා නම් මම කියන්නේ එයාලටත් මුල මතක තියාගන්න කියලයි.


6.ඒ කියන්නේ මේවා ගැන කතා කරන විවේචනය කරන මාධ්‍ය ආයතන සමඟ කවදාවත් තරහ අරගෙන ආතල් කඩාගෙන නැද්ද...?


තරහක් ඇති නොවෙන්න නම් ඉතින් මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මම රහත් භාවය ලබන්න ඕන. මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මටත් බඩගිනි වෙනවා. ලෙඩ හැදෙනවා. වමනේ යනවා. මුත්‍රා කරන්න ඕන වෙනවා වැසිකිළි යන්න ඕන වෙනවා. ඉක්කා වැටෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ විදිය. නමුත් මට සාමාන්‍යයෙන් මේ වගේ බර අඩුයි. අරයට මෙයාට වගේ මට බර තද කරගෙන ඉඳලා පුරුදුත් නැහැ. බරවෙනවා නම් මම සුදුසු තැනක් බලලා ඒ බර ඉවර කරගන්නවා. දැන් බලන්න යුරෝපයේ මිනිස්සු ගෑනු කියලා නැහැ දැකපු ගමන් ඩ්භඨ කරනවා. ඒකට අපේ මිනිස්සු. ඕවා කරන්නේ හැංගි හොරට. මගේ ගාව ඒ වැඩ නැහැ.


7.පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව නිසා
කොළඹට ලැබෙන ආතල් එක ගැන මොකද හිතෙන්නේ...?


ඒක විශිෂ්ටයි. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව මහින්ද චින්තන ආදර්ශය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. කොළඹ ප්‍රධාන නගරයේ ඉඳලා ගම්වල පවා සැලසුමක් ඇතිව වැඩ කෙරෙනවා. අපේ රටට නිදහස් ලබාගත්තායින් පස්සේ ඇතිවුණු ප්‍රබෝධය තමයි මේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සංසාර පුරුද්දක් ඇති මේ වගේ දේවල් කරන්න. ගොඩාක් අය අපෙන් බේරෙන්න වැඩ කරද්දි එතුමා රටට ආදර්ශයක්. මේ රට අතීතයේ ප්‍රපාතයට වැටුණේ අන්න ඒ නිසයි. හැමෝම වැඩ කරන්න ඕනෑ. මේක මගේ රට කියන හැඟීමෙන්. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාව මේක බොහොම අපූරුවට කරනවා. බලන්න දැන් කෝට්ටේ තියෙන ලස්සන. දේශපාලනඥයෝ හැමෝම ඒ විදියට වැඩ කරනවා නම් මේ රට තව ඉස්සරහට යයි. බුදුහාමුදුරුවොත් දේශනා කළානේ සතුටින් එක්වෙමු සතුටින් විසිරයමු කියලා.


8.ඇමැතිතුමා දේශපාලන භූමිකාව පසෙක තබා පහුගිය දවස්වල අඥචතඪබර ඉඩධඹඵ වල බ්භඤඨඥ ඕධචපඤ වල හිටියා අපි දැක්කා. කොහොමද දේශපාලනයට වඩා ඒ වගේ වැඩසටහන්වලට සම්බන්ධ වීම ආතල්ද...?


සංගීතය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. යාග හෝම, බලිතොවිල්වලට කන හුරුවෙලා. ගැමි බෙරේට කන හුරු වුණ මට සංගීතය හුඟක් සමීපයි. ඇත්තටම මේ වැඩසටහන හරහා මට විශාල ඉල්ලුමක් තිබුණා. මම කියපු, කරපුවාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මට ඒ වැඩසටහනට ආරාධනා කරපු එම
නාළිකාවේ ප්‍රධානීන්ට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා.


9.පසුගිය දවස්වල සිනමාවට සම්බන්ධ වුණා. ඇත්තටම ඇමැතිතුමා මේ දේශපාලනයද ආතල් සිනමාවද...?


මෙහෙමයි මවාගත්තු ආටෝපයකින් ඔළුවට බරක් තියාගෙන චරිතයක් කරන්න ගියොත් ඒක ජ්චඪත තමන්ට ලැබෙන චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ගොවියෙක්ගේ චරිතයක් නම් ලැබෙන්නේ අපි ගොවියෙක්ගේ චරිතය ගැන අවබෝධයක් ලබන්න ඕනෑ. ධීවරයෙක්ගේ චරිතයක් නම් ඒ ඇසුර ලබන්න ඕනෑ. පාතාලයේ චරිතයක් නම් අපි ඒ ගැන අවබෝධ කරගන්න ඕනෑ. ඇත්තටම මේ පාතාලය කියලා එකක් නැහැ. ඉන්නේ සේරම හිත හොඳ මිනිස්සු. දැන් ඔය මිනිසුන්ට යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ ආවේශ වෙන්නේ. ඒ වගේ තමයි චරිතයටත් අපි ආවේශ වෙන්න ඕනෑ. එහෙම නැතිව ඔළු උදුම්මවාගෙන, ඔළුව බරකරගෙන රඟපාන්න බැහැ. පපුව ඉස්සරහට දාන්න ඕන තැන පපුව ඉස්සරහට දාන්න ඕනෑ, පස්සට දාන්න ඕන තැන පස්සට දාන්න ඕනෑ. ඉස්සරහට දානකොට ඉස්සරහට දාන්න ඕනෑ. පස්සට දාන්න ඕන තැන පස්සට දාන්න ඕනෑ.


10.හරි එතකොට ඇමැතිතුමාට මේ රටේ තියෙන අනකුත් දේශපාලන පක්ෂ ගැන හිතද්දි මොන වගේ ආතල් එකක්ද දැනෙන්නේ...?


මේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙලා, ආරක්ෂාවෙලා විදේශීය හතුරන්ට දෑත් දිගු කරලා මිතුරු වුණා. නමුත් මට තියෙන දුක අපේ විරුද්ධ පක්ෂය, විපක්‍ෂය කෑලි කෑලිවලට කැඩිලා යන එක ගැන පක්ෂය තුළම අය එකිකෙනාව නුරුස්සන ස්වභාවයක් ඇතිවෙලා. එය ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන්නෙ නෑ. මම නම් ප්‍රාර්ථනා කරන්නේ අපිට ප්‍රබල විපක්‍ෂයතක් තිබෙන්න ඕනම කියලයි.


අරුණි මල්ලවාරච්චි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment